gossiplanka image 1
 


පෙර දිනයක මා පෙම් කළ යුවතිය

සිය පුතු නලවනවා

මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්

ඈතින් මතු වෙනවා //


නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන

දයාව වෑහෙනවා //

සිනාසුනෙමි මම අවිහිංසක ඇය

කෝල බැලුම් හෙලුවා


හිරුට සඳුට නොකියා හොර රහසේ

කාලය වියැකෙනවා //

නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි

කෙමෙන් මැකී යනවා


එදා වගේ තවමත් වැට අද්දර

නාමල් පූදිනවා //

නොකා නොබී දුක් වින්ද අතීතය

යළි මට සිහිවෙනවා


රචනය- සුනිල් සරත් පෙරේරා

ගායනය-පණ්ඩිත් ආචාර්ය අමරදේව

සංගීතය- පණ්ඩිත් ආචාර්ය අමරදේව