ආරාධනා......... ආරාධනා.........
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා.......... ආරාධනා.........
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ .... කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා.......... ආරාධනා.........
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යලිදු උපන්නෙමු
කිදුනු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා.........ආරාධනා.........
පද රචනය- කුලරත්න ආරියවංශ
ගායනය- පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
සංගීතය-ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment