කෙම
රන් හිරියල් මෝරු වලින් අඹරා පොට්ටනියක් බැඳ නිවසේ තබනු. ගෙමැස්සෝ එම නිවස අතහැර පළා යති.
එහි විද්‍යාත්මක පදනම
ඇතැම් කාලවල දී මැස්සන් ගේ බෝවීම සීග්‍රයෙන් වැඩි වේ. එය කොතෙක් දුරට තීව්‍ර වේද කියනවා නම් නික්වෙස්වල ආහාර බඳුන් සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීම පවා අසීරු වෙයි. විවිධ රෝගකාරක අවට වට පිටාවෙන් නිවෙස්වලට ගෙන එන මෙම මැස්සන් ගේ කරදරය ඉහත සඳහන් අයුරු උග්‍රවුණ විට උන් පළවා හැරීමට හෝ විනාශ කිරීමට සිදුවෙයි. එහෙත් අපේ ගම්වල ජනතාව නම් වඩාත් කැමති කරදරකාරී සතුන් වුව ද විනාශ කිරිමට නොව පළවා හැරීමට ය.ඉහත සඳහන් වන්නේ ඔවුන් අතීතයේ සිට ම ඒ සඳහා භාවිතා කළ කෙමකි. එය ක්‍රියාවට නැංවීමෙන් මැස්සන් පළවා හැරිය හැකි ය. එහි කිසි ම සැකයක් නැත.වර්තමානයේ නම් කරදරකාරි සියලුම කාමි ගණයේ සතුන් විනාශ කර දැමීම සඳහා සෘජු ක්‍රියාකාරිත්වයක් සතු කෘමි නාශක ඕනෑ තරම් තිබේ. ඒවා සරල පහසු ක්‍රියාමාර්ග වුව ද එ මගින් ඇතිවන අතුරු ඵලය නම් පරිසරයට කොහෙත් ම හිතකර නොවේ. මැස්සන් විනාශ වී ගිය ද, මැස්සන් ගෙන් වන හිරිහැරය නිවාරණය වුව ද නිවසේත්, නිවස අවට පරිසරයෙත් අහිතකර රසායනික ඉසීම නිසා සිදුවන පරිසර දූෂණයෙන් මැස්සන් ගෙන් සිදුවුණ පීඩාව ඉක්මවා යන පීඩාවකට එම ක්‍රියාවේ යෙදෙන හැම කෙනෙකුට ම මුහුණ දීමට සිදුවේ. මෙහි ඉහත සඳහන් කෙම ක්‍රියාවට නැංවූව හොත් එවන් අහිතකර තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවේ. මැස්සන් පළා යෑම පමණක් සිදු වී නිවස තුළ යහපත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති වේ. රන් හිරියල් මෝරු වලින් අඹරා පොට්ටනි බැඳ තැබුව විට මැස්සන්ට නිවස තුළ සිටීමට නො හැකි වන්නේ කුමක් නිසා ද යන්න මෙහි දී විමසා බැලීම ඉතාමත් වැදගත් ය. මෝරු මැස්සෝ ප්‍රිය කරති. මෝරු ස්වල්පයක් විවෘත ස්ථානයක තැබුවහොත් එ තැනට මැස්සෝ පැමිණෙති. එය දවසක් දෙකක් තැබුව හොත් මැස්සන් ගේ පැමිණීම කීප ගුණයකින් වැඩි වේ. එහෙත් මෝරු වලින් රන් හිරියල් අඹරා පොට්ටනි බැඳ තැබුව විට සිදුවන්නේ එහි අනෙක් පැත්ත ය. මැස්සෝ නුරුස්සන ගඳක් එයින් වහනය වෙන්නට පටන් ගනී. එම ගඳ උන්ට කෙසේත් ඉවසා සිටිය නො හැකි බැවින් නිවස හැර පලා යති. මෙම කෙමට පාදක වී ඇති විද්‍යාත්මක සත්‍ය ය එයයි.
Comments
Post a Comment