කෙම
සෙම් ගෙඩි සෑදුණ විට ඉර හැරෙන්නට පෙර කතා නො කර ඉද්ද ගසකින් කොළ හතක් කඩා බුලත් කන තාලෙ ට හපා කෙලගසමින් සිට හපය ඉවත දමන්න. සෙම් ගෙඩි සුව වේ.
එහි විද්‍යාත්මක පදනම
සෙම්ගෙඩි යනු විෂබීජ මුව තුළින් ශරීර ගතවීම නිසා ඇතිවෙන ආසාධන තත්ත්වයකි. මුව තුළින් එ ලෙස විෂබීජ ශරීර ගතවෙන විට ඒවා ගිලදමා විනාශ කළ හැකි ග්‍රන්ථයක් උගුරේ පිහිටා ඇත. එම ග්‍රන්ථියට එම කාර්යය කළ නො හැකි වුණ විට සිදු වන්නේ එම ග්‍රන්ථිය ඉදිමීම ය. ඊට හේතුව එම ග්‍රන්ථියට විනාශ කළ හැකි ප්‍රමාණය ඉක්මවා විෂබීජ ශරීර ගත වීම විය හැක. එ විට අප එම ඉදිමුම හඳුන්වන්නේ සෙම් ගෙඩි යනුවෙනි ප්‍රතිකාරයක් කළ විට ඒවා සුව වේ. එහෙත් බටහිර වෙදකමට අනුව ශල්‍ය කර්මයකින් එම ග්‍රන්ථිය ඉවත් කිරිමේ ක්‍රමයක් ද ඇත. එ විට සෙම්ගෙඩි සෑදෙන්නේ නැත. එහෙත් විෂබීජ ශරීර ගත වීම නම් නතර වෙන්නේ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඇති වෙන සෙම්ගෙඩි නිවාණයට මෙහි සඳහන් කෙම අපූරු ප්‍රතිකාරයකි. එය ඉතාමත් සරල ය. කළ යුත්තේ කතා නො කර ඉද්ද කොළ හතක් කඩා හපා කෙල ගැසීම පමණ ය. ඉද්ද කොළ හත ආවාට ගියාට කඩා ගැනීම නො කළ යුතු ය. ඉර හැරෙන්නට පෙර එය කළ යුතු ය. ඊට හේතු ව ගැන විමසා බැලීම ද වැදගත් ය. ගහ කොළ පෝෂණය වී සශ්‍රීකත්වයට පත් වන්නේ ඉර එළියෙනි. ඉර එළිය උරා ගනිමින් ශාක ප්‍රජාව ශක්තිමත් වෙන කාලය පෙරවරුවයි. පස්වරු වේ දී එය ඒ අයුරින් සිදු නොවේ. එම නිසා ඖෂධ ශාකයක ඖෂධීය ශක්තිය පෙරවරුවේ දී ප්‍රබල යයි නිගමනය කළ හැකි ය. මෙම කෙම මගින් එම ඖෂධ පත්‍ර ලබාගත යුතු කාලය ඉර හැරෙන්නට පෙර යයි හඳුන්වා දී ඇත්තේ එ බැවිනි. එ පමණක් නොව ඉද කොළ කඩාගත යුත්තේ ද කතා නො කර ය. එ මගින් කෙමක අනන්‍යතාවය මොනවට තහවුරු වේ. ඊට හේතු ව කුමක් ද යන්න පුන පුනා කිව යුතු නොවේ. මෙහි නොයෙක් අවස්ථාවල දී ඒ බව සඳහන් කොට ඇත. එහි කෙමට ගෞරවයක් පමණක් නොව විද්‍යාත්මක පදනමක් ද ඇති බව සඳහන් කළ යුතු ය. ඒ බව මෙම කෙම කිරිමෙන් පසු ව අන්වෙන සාර්ථක ප්‍රතිඵල මගින් ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන. කතා නො කර ඉර හැරෙන්නට පෙර ඉද්ද කොළ කඩා ගැනීම සදහා මෙම කෙමේ සාර්ථකත්වයෙන් භාගයක් පැවරුණ විට අප ගේ අවධානය යොමු විය යුත්තේ හැපීමට ගන්නා ඉද්ද කොළ හත වෙත ය. ඉද්ද යනු තෙත් කලාපයේ බහුල ව වැවෙන ශාකයකි. ඇළ, දොළ, ගංගා ආශ්‍රිතව එය සාර්ථක ව වැවෙන අයුරු දැකිය හැකි ය. ඉද්ද විවිධ රෝගාබාධ සුව කිරිම සඳහා ඖෂධයක් හැටියට භාවිතා කරනු ලැබේ. එම රෝගා බාධ අතර සෙම්ගෙඩි ද විය හැක. මෙම කෙම මගින් සෙම් ගෙඩි සඳහා එය භාවිතා කරන, ලබන්නේ එ බැවිනි.
මෙහි දී සඳහන් කළ හැක්කේ කෙමක සැඟවුණ බලයත්, ශාකයක ඖෂධීය ගුණයත් සෙම්ගෙඩි නැමති අසාධන තත්වය සුවකිරීම සඳහා යොදා ගෙන ඇති අයුරු ය.
Comments
Post a Comment