කෙම
පිරිසිදු වතුර, බඳුනකට ගෙන පහත සඳහන් මන්තරයෙන් එකසිය අටවරක් මතුරා උදේ සහ සවස දෙහි අත්තකින්
ගොවිපොළ හෝ කොරටුව වටේ ඉසිනු. ගොවිපොළට කොරටුවට වැදී ඇති ඇන්වහ කටවහ දෝෂ තුන් වරුවෙන් දුරුවේ.
මන්ත්‍රය
මං නමෝ කීකරු නො කීකරු දුටුකරු නුදුටු කරු ඇස්වහ කටවහ අද හිටන් නෑ
එහි විද්‍යාත්මක පදනම
ඇස්වහ කටවහ දෝෂ පුද්ගලයින්ට පමණක් නොව නිවෙස්, වෙළඳ සැල්, ගොවිපොළවල් කොරටු යනාදියට ද වැදේ. එ විට නිවෙස් වල අද්භූත දෝෂ ලෙඩදුක් යනාදිය ඇති වේ. වෙළඳ සැල ව්‍යාපාරික කටයුතු අඩාල වේ. ගොවිපළ වල පලදාවට හානි පැමිණේ. එ විට ඒවායේ හිමිකරුවෝ එම දෝෂ දුරුකර ගැනීම සඳහා නොයෙකුත් විදියේ ශාන්තිකර්ම කරති.ඒවා අතර කෙම් ක්‍රමවලට ද විශේෂ ස්ථානයක් හිමි වේ. එය අද ඊයේ සිට කරන ක්‍රියාවක් ද නොවේ. මෙහි ඉදිරිපත් කර ඇති කම ද එ වැන්නකි. එය වතුර මතුරා ඉසීමකි. වතුර මතුරා ඉසීම, මුහුණ සේදීම, බීම ආදී කෙම අප අතර කොතෙකුත් ප්‍රචලිතව පවතී. ඒවායින් සාර්ථක ලෙස ප්‍රතිඵල අත්කර ගන්නේ ද විරල නොවේ.මෙහි දී සිදුවන්නේ මන්ත්‍රයකට මුල්තැන දීම ය. මන්ත්‍රයක් කෙම් ක්‍රමයකට සම්බන්ධ වීමේ දී සිදුවන ක්‍රියාවලිය පිළිබඳ ව මෙහි එන කෙම්මම වල දී කොතෙකුත් විස්තර කොට ඇත. එම නිසා ඒ පිළිබඳ ව විස්තර කිරීම අනවශ්‍ය උත්සාහයකි. පිරිසිදු ජලය ඉහත සඳහන් මන්ත්‍රයෙන් ප්‍රාණ කිරිම මෙහි දී සිදුවෙයි. එ විට එම ජලය ඇස්වහ කටවහ දෝෂ දුරුකිරිමට හැකි බලයකින් පොහොසත් වෙයි. එම ජලය ගොවිපොළ හෝ කොරටුව වටා ඉස්ස විට එම දෝෂ දූරින්භූත වී යයි.මෙහි දී තවත් සැලකිල්ලට ලක්විය යුත්තකි දෙහි අත්ත. මන්ත්‍ර සාත්තු ව කළ ජලය ඉසින්නේ දෙහි අත්තෙනි. එය සතු ව ද කිසියම් බලයක් පවතී. මැතිරීම් බොහොමයකට දෙහි අත්ත භාවිතා කරන බැවින් ඒ බව සනාථ කිරීම පහසු ය. මන්ත්‍ර බලයෙන් දොස් දුරු කිරිමේ ක්‍රමයක් හැටියට සඳහන් කළ හැකි මෙම ක්‍රම ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්නකක් බව සඳහන් කළ හැකි ය.
Comments
Post a Comment