ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ
සාගර වෙරළේ සොඳුරු සැදෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඉඳ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා....
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත් නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා.....
රචනය- සුනිල් ආර්. ගමගේ
සංගීතය හා ගායනය - විශාරද ගුණදාස කපුගේ
Comments
Post a Comment