හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා ලැබු ඔබෙ ආදරයයි
මගේ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
හෙට දවසේ ........
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අලුත් වන
ආදරයම මම හිදිමි බලා
හෙට දවසේ ..... //
රචනය- ප්‍රේමකිර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය - ප්‍රියා සූරියසේන
Comments
Post a Comment