සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැළී සැළි යයි......
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිදකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් ඉතිරෙයි මා හද ........
සඟවා ගනු මැන....
සොමි සඳවත ලෙස රුසිරු
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වු රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...........
සඟවා ගනු මැන........
රචනය -බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment