gossiplanka image 1


කෙම


බටු, මිරිස්, තක්කාලි ආදී බීජ තවාන් කරන විට තරමක් දුරින් ඇති කූඹි ගුලකින් කතා නො කර පස් ටිකක් ගෙනැවිත් තවානට ඉසිනු. බීජ කූඹීන් ගෙන් ආරක්ෂ වේ.


එහි විද්‍යාත්මක පදනම


ඉහත සඳහන් ගණයේ බීජ වර්ග තවාන් කළ විට කූඹින් ගෙන් වෙන හානිය විශාල ය. තවාන වෙත කූඹීන් පැමිණ එහි ඇති බීජ කා දැමීම නිතර ගොවියන්ට මුහුණ දෙන්නට සිදුවෙන තජනයකි. මෙ බඳු තවාන් නොහොත් බීජ ස්ත්‍ර කුඹීගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි සාර්ථක කෙමකි ඉහත සඳහන් වන්නේ. එ මෙන් ම මෙම කෙම ඉතාමත් සරල ය. ක්‍රියාවට නැංවීම ද පහසු ය. කළ යුත්තේ තම බීජ තවානට තරමක් දුරින් ඇති කුඹි ගුලකින් කතා නො කර පස් ටිකක් ගෙනැවිත් ඉසීම ය. කූඹීන් යනු කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්ව විශේෂයකි. එක් කූඹි කණ්ඩායමක් තවත් කූඹි කණ්ඩායමක් සමඟ එකතු නොවේ. යම්කිසි විදියකින් දෙපිරිස මුණ ගැසුණ හොත් සටන් වදිති. උනුනුන් කාගෙන විනාශයට පත් වෙන තරමට තත්වය දරුණු අතට පත්වේ. බීජ තවානක් දැමුව විට දුරින් තිබෙන කුඹි ගැලකින් පස් ටිකක් ගෙනැවිත් එය ඉත්තොත් තවාන අවට සිටින කූඹීන් එම තවානේ සතුරු උපද්‍රවයක් ඇතැයි සිතා එම පෙදෙසින් පලා යති. ඊට හේතු ව දුරින් ගෙනා කූඹි ගුලේ පස් මගින් සතුරු කූඹි කණ්ඩායමක ඉව දැනෙන බැවිනි. මෙම කාරණය අපේ පැරණි ගොවියෝ දැනගෙන සිටියහ. ඒ බව දැනගෙන මෙබඳු කෙම් ක්‍රම භාවිතා කරමින් බීජ තවාන් ආරක්ෂා කර ගත්හ. එපමණක් නොව එ මගින් ලැබිය යුතු නිසි ඵල ප්‍රයෝජනය ද ලැබූහ. එයින් නො නැවතී එම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්නට සලස්වා අනාගතයේ රැඳවීමට ද කටයුතු කළහ. තව ද මෙම කෙම කතා නො කර කළ යුතු යයි මෙම විසින් පනවා ඇති නියමය කුමක් ද යන්නත් විමසා බැලිය යුත්තකි. එය වෙනකක් නොව දුරින් ඇති කූඹි ගුලකින් ගෙන එන පස්වල ඇති සතුරු ඉව කතාවෙන් දූෂ්‍යවීමට ඉඩ නොදී ආරක්ෂා කොට තවානට එන කූඹීන් ට දැනෙන්ට සැලැස්වීමය.