gossiplanka image 1
 

කෙම


ලුණුවිල, ගොටුකොළ, නිවිති, තල එක පමණ ගෙන සෝදා ඇදියෙන් අඹරා කෝන් ඇටයේ ප්‍රමාණයට ගුලි සාදා පාන්දර කපුටා අඩන්නට පෙර, පහත සඳහන් මන්තරයෙන් 108 වරක් ජීවම් කර පිරිසිදු ඇල්දියෙන් බොනු. ධාරණ ශක්තිය වර්ධනයට ඉවහල් වේ.


මන්ත්‍රය


ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දතී පොතයි අද මම අතට ගත්තේ ලත් විද්‍යාධරණි ඒස්වාහ:


එහි විද්‍යාත්මක පදනම


ඖෂධ වර්ග හතරක් එක්තැන් කොට සිංහල වෛද්‍ය ක්‍රමයට අනුකූලව සකස් කර ගත් ගුලි ප්‍රතිකාරයක් හැටියට සඳහන් කළ හැකි මෙම කෙම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව එම ඖෂධ සංයෝගය නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කර ගැනීමට පුළුවන.ඊට හේතු ව අදාළ කාර්යය සඳහා ඖෂධීය ගුණයෙන් පරිපූර්ණ ඖෂධ හතරක් සමග කෙමක බලය පමණක් නොව මන්තරයක ගුප්ත ශක්තිය ද එක්කර ගෙන තිබීම ය. එම නිසා මෙහි ඇති ඵලදායීතාවය පිළිබඳ ව සැක පහළ කරගත යුතු නොවේ. ලුණුවිල ධාරණ ශක්තිය වර්ධනය කිරීමෙහි ලා ප්‍රබල ඖෂධීය ගුණයක් අන්තර්ගත ශාඛයකි.


ශ්‍රී සරස්වතී තෛලය හිදීම සඳහා ගන්නා ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්නේ ද ලුණුවිල ය. විදාගම හිමිපාණෝ ශ්‍රී සරස්වතී තෛලය අශ්ව ලෝමයක තෙමා දිවේ ගාගෙන ධාරණ ශක්තිය වර්ධනය කරගත් බව පැරණි පොත පතෙහි සඳහන් වේ. ඊළගට ගොටුකොළ ද එපමණ ම නො වූවත් එම ගුණය අන්තර්ගත ශාඛයකි. නිවිති ඇග නිවාසනසන වටිනා ඖෂධයකි. තල මේ සියල් ඖෂධීය ගුණය සංකලනයට ඉවහල් වෙන පෝෂ්‍යදායක ධාන්‍ය වර්ගයකි.පැරැන්නෝ මෙම ඖෂධ ගුලි කාක්කා අඩන්ට පෙර ධාරණ ශක්තිය ඇති කිරීමට සමත් මන්තරයකින් පිරිසිදු ජලය ජීවම් කර පානය කරන්නට නියම කොට ඇත්තේ කවර අපේක්ෂවකින්  ද යන්න විමසුමට ලක්කළ යුතු කරුණකි. එ විට අපේමතකය ට නැගෙන්නේ කාක්කා අඩන්නට පෙර ක්‍රියාවට නැංවිය යුතු කෙම් ක්‍රමයි.


ඒවායේ ප්‍රබල විද්‍යාත්මක පදනමක් පවතින බව පෙනී යයි. පැරැන්නෝ අදටත් වඩා එදා ඒ ගැන අවබෝධයෙන් සිටි බවට මෙය කදිම නිදසුනකි. රාත්‍රිය මිනිසා පමණක් නොව ගස් වැල්, සතා සිව්පාවුන් ජීවයෙන් උද්දාමයට පත්වෙන කාලයයි. අවට හත්පස වායු ගෝලය ද ඉතාමත් පිරිසිදුව පවතී. විශ්ව ශක්තිය ද දහවලට වඩා ශක්තිමත් ව විකාශය වේ. එහි උච්චතම අවස්ථාව අළුයම් කාලයයි. එය නිමාවට පත්වෙන්නේ අළුයම් කාලයේ කාක්කා හැඩීමෙන් පසුව ය. වෙලාව දැනගැනීම සඳහා අද මෙන් හෝරා යන්ත්‍ර නො තිබුණ ඈත අතීතයේ දී අපේ මුතුන් මිත්තෝ කාක්කා හඩන විට වෙලාව නිශ්චය කරගෙන කෙම් ක්‍රම සඳහා ද සුබපල ගෙන දෙන දවසේ හොඳ ම කාලය හදුනා ගන්නට ඇතැයි නිගමනය කළ හැකිය.