gossiplanka image 1
 


1. වදභාවය ඇත්තේ ගැහැණුන්ට පමණක් නොවේ.

2. දරුවන් නැත්නම් මුලින්ම පරික්ෂාවට ලක් කෙරෙන්නේ පිරිමියායි.


දරුවන් නොලැබීම වත්මන් සමාජයේ විවාහක තරුණ යුවලකට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න ගැටළුවකි. එයින්ද අප සමාජය හුරු වී ඇති ආකාරයට කාන්තාව දැඩි පීඩනයකට ලක්වේ. සමාජයේ ඇනුම් බැනුම් ගැරහුම් සියල්ල හිමිවනුයේ කාන්තාවටයි. කාන්තාවගේ වරද පමණක් දරුවන් නොලැබීමට හේතුවන්නේ නැත.  වඳ ගැහැණු තරමටම වද පිරිමිද සිටිති. දරුවෙකු හදාවඩා ගැනීමට නොහැකිවීමේ හේතුවෙන් ඉමහත් චිත්ත පීඩාවටත් කනස්සල්ලට පත්වන්නන් එමටය. වාසනාවකට මෙන් වඳභාවය හෙවත් විපලතාවය නැති කිරීම සඳහා බොහෝ ප්‍රතිකාර ක්‍රම නවීන වෛද්‍ය විද්‍යාව තුළ සොයා ගනිමින් පවතී.


මම ගුරුවරියක්ම. වයස අවුරුදු 25 යි. විවාහ වෙලා මාස 6 ක් වෙනවා. දරුවෙක් ගැන හිත හිතමයි ඉන්නෙ . කෝ තවම නැනෙ. මම වඳද? වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්නද?


දරු ඵල ඇති (සාඵල්‍යතාවයෙන් යුත්) මව්වරු සීයක් ගත්තොත් ඒ අයගෙන් පළමු මස තුළ ගැබ් ගන්නේ සියයට 20 ක් පමණයි. ඊළඟ මාසයේ ඉතිරි 80 දෙනාගෙන් සියයට විස්සක් (දහසය දෙනෙක්) ගැබ් ගනීවි. මේ විදියට ගියාම මව කිසිදු වඳ භාවයකින් නොපෙනුණත් වසරක් අවසානයේදී මව්වරු 100 න් 10 දෙනෙක් පමණ ගැබ් නොගෙන ඉතිරි වෙනව. ඒක ජීව විද්‍යාත්මක සත්‍යයක්. ඉතින් බැඳලා මාස හයකින් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවුණා කියා කලබල වෙන්න එපා. අවුරුදු එකහමාරක්, දෙකක් පමණ කාලයක් බලන්න. ඉන් පසුවත් දරු ඵල නොලැබුණොත් වෛද්‍යවරයෙකු හමුවීම නම් නුවණට හුරුයි. හැබැයි තනියම නොවේ. නොවරදවාම ඔබේ ස්වාමි පුරුෂයත් වෛද්‍යවරයා වෙත කැඳවාගෙන යන්න. වදභාවය ඇති වෙන්නේ ගැහැණුන්ට පමණක් නොවෙයි. වද පිරිමිනුත් එමට ඉන්නවා. ඒ නිසා මෙය දෙදෙනාම එකතු වී වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්.


දරුවන් නැතිව මම හරි කණස්සල්ලෙනුයි ඉන්නෙ. මගේ යෙහෙලියක් කීවා පවුලේ වෛද්‍යවරයා ඇයගේ මහත්තයට තද නැති සැහැල්ලු යට ඇඳුමක් අඳින්නට උපදෙස් දුන්නට පස්සේ ඇයට දරුවෙකු පිළිසිඳ ගත්තා කියල. ඇත්තටම ඒක එහෙම වෙන්න පුළුවන්ද?


වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන ශුක්‍රාණුවල වර්ධනය සහ පැවැත්ම සඳහා අධික උෂ්ණත්වය අහිතකරයි. ඒකනේ වෘෂ්ණ කෝෂ වාතයට නිරාවරණය වන ලෙස එලෙනෙ. තද ඝනකම ඇඳුම් ඇඳීමෙන් උෂ්ණත්වය ඉහළ නගින නිසා වෘෂණ කෝෂවල නිෂ්පාදනය වූ ශුක්‍රාණු විනාශ වීමට පුළුවනි. කෙසේ වෙතත් මෙය පිරිමින්ගේ වඳභාවය ඇති වීමට හේතුවන එක් කරුණක් පමණයි.


මා හඳුනන ජෝඩුවකට, බැඳල අවුරුදු 5ක් යනතුරුත් දරුවන් හිටියෙ නැහැ. පස්සේ ඒ ගොල්ලො දරුවෙක් අරන් දරුකමට හදාගත්තා. මෙන්න ඊළග අවුරුද්දෙ ඇයට දරුවෙක් ලැබුණා. ඒ කොහොමද?


දරුවන් නැති වීමේ හේතුවෙන් දුකට සහ සිත් තැවුලට පත්වී සිටීමම ඇයගේ වඳභාවයට හේතු වුණා විය හැකියි. දරුවෙක්දරුකමට හදාගන්නා විට ඒ සිත් තැවුල ක්‍රමයෙන් පහවී යාමේ හේතුවෙන්ම ඇය දරුඵල ලබන්නට ඇති.


අපි දෙන්න බැඳල දැන් අවුරුදු හතරක් වෙනවා. තවම දරුඵල නැහැ. අපි දෙන්නාම සිත් තැවුලෙනුයි ජීවත් වෙන්නේ සාස්තර බැලිලි, තොවිල් පවිල් ශාන්ති කර්ම, පූජාවල් කරල දැන් නම් මට ඇති වෙලා, ඇයගේ වඳභාවය නිසා දරුවන් නැති බවයි මම හිතා හිටියෙ. ඔබේ කතාව ඇහුවට පන්සේ වඳභාවයට


හේතුව මා වෙන්නත් පුළුවන් කියල දැන් හිතෙනවා. ළගදීම වෛද්‍යවරයෙක් හමු වෙන්නයි කල්පනාව. එයා අපට මොනවා කරාවිද?


මෙවැනි ප්‍රශ්නයකදී බය වෙලා, ලැජ්ජා වෙලා නැහැ. ලිංගිකත්වය හා සම්බන්ධ ප්‍රශ්නයක් න්නේ. විවෘතව ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න වෙනව. ඒ නිසා හිත්තේ විචිකිච්ඡාවක් ඇති කරගන්න එපා. දෙන්න එක්කම ගිහිල්ල කෙලින්ම වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. වඳභාවය එක බෙහෙත් වට්ටෝරුවකින් උණ හෙම්බිරිස්සාව වගේ සුව කරගන්න බැහැ. ඒක කල්ගතවන වැඩක්. ඒ පිළිබඳව දැනගෙන ඉවසීමෙන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.වෛද්‍යවරයා හමුවීම සඳහා විවේක පාඩු වේලාවක් වෙන් කරවා ගැනීම වඩාත් සුදුසුයි.


පළමුවෙන්ම වෛද්‍යවරයා ඔබ දෙදෙනාගේ සහ පවුලේ විස්තර සාකච්ඡා කරාවි. ඉන්පසුව භාර්යාවගේ ආර්තවය සිදුවන ආකාරය පිළිබඳ ප්‍රශ්න කරාවි. ඔබ දෙපළගේ ලිංගික හැසිරීම ගැන සාකච්ඡා කරාවි. ඉන්පසුව දෙදෙනාම පරික්ෂා කරාවි. පිරිමියාගේ ශුක්‍ර පරික්ෂණය පළමුවෙන්ම කළ යුත්තක්. දින දෙකක් සංසර්ගයේ නොයෙදී සිට පිරිසිදු වීදුරු හෝ ප්ලාස්ටික් භාජනයකට, ලිගුව පිරිමැදීමෙන් ලබාගන්නා ශුක්‍ර තරලය පරික්ෂණාගාරයේදී පරික්ෂා කරාවි. ඔබේ ශුක්‍ර තරලයේ කියුබි සෙන්ටිමීටරයට ශුක්‍රාණු මිලියන 20 කට වඩා ඇත්නම් සහ ඉන් සියයට 40 ක් වත් ක්‍රියාශීලීව පිහිනයි නම්, එමෙන්ම 60% ක්වත් සාමාන්‍ය ස්වරූපයෙන් ඇත්නම් ඒ පිළිබඳ ගැටළුවක් නැහැ. හැබැයි ශුක්‍ර තරලයේ පරික්ෂාව අසාර්ථක නම් ශුක්‍රාණු සංඛ්‍යාව අඩු නම්, අක්‍රිය නම් හා අස්වාභාවික නම්) එය නිවැරදි කර ගන්නා තුරු තවදුරටත් පරීක්ෂණ කිරීමේ තේරුමක් නැහැ. පිරිමියාගේ ශුක්‍ර තරල පරික්ෂාව සාර්ථක නම් කාන්තාව සඳහා පරීක්ෂණ ආරම්භ කරාවි.