gossiplanka image 1
 


තම සිරුරේ ස්වභාවය පිළිබදව දුක් වෙන්නත් බොහෝ වෙති. ඔවුන් අතර තරබාරු අය මෙන්ම ඇඟ කෙට්ටු අය ද සිටිති. සමහරුන්ට විදේශ රැකියා සඳහා යාමට නම් සිරුරේ නියමිත බරක් තිබිය යුතුය. ලේ දන් දීම සඳහා වුවද නියමිත බරක් තිබිය යුතුය. බොහෝ තරුණියන් විවාහ වීමට පෙර තම කෙට්ටුව මට්ටු කර ගැනීමට පෙළඹෙන්නේ රූප සොබාව සඳහාය.


අපේ පවුලේ කවුරුත් කෙට්ටුයි. කෙට්ටු වීමට ප්‍රවේණිය බලපානවද?


සමහර අය උපතින්ම කෙට්ටු සිරුරක් ඇති අයයි. ඔවුන් හඳුන්වන්නේ එටෝමෝෆික් අය ලෙසයි. සමහරු උපතින්ම මහත අය. ඔවුන් එක්ටෝමෝෆික් යන නමින් හඳුන්වනවා. වැඩිපුර ඇගේ තෙල් තැන්පත් වීමයි. එයට හේතුව. සාමාන්‍ය ජන සමාජයේ සෙම් ඇඟ නැත්නම් "ජොල්" ඇඟ ලෙස හඳුන්වන්නේ ඒ අයයි. ඇගේ මස්පිඩු හොඳින් වැඩුනු අය හඳුන්වන්නේ මීසොමෝ දේහයක් සහිත අය ලෙසයි. මෙම ප්‍රධාන දේහ කාණ්ඩ තුන අතරට වැටෙන අයත් ඉන්නවා. ආහාර පාන නිසිලෙස ගත්තත් සිරුරේ හැඩයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ප්‍රවේණිය හෙවත් ජාන.


මම ඉස්සර හොඳ උස මහතට හිටියා. ඒ වුනාට පසුගිය මාස කිහිපය තුළ කෙට්ටු වුනා. කෙට්ටු වීම රෝගයක් ද?


කෙනෙකුගේ බර සති කිහිපයක් ඇතුළත කිලෝ 2.5කට වඩා අඩු වුනා නම් ඒකට හේතුව රෝගී තත්වයක් වෙන්න පුළුවනි.


1 දියවැඩියාව.

2 තයිරොටොක්සිකෝසියාව.

3 ක්ෂය රෝගය.

4 පිළිකා රෝගී තත්වයන්.

5. මානසික අව පීඩනය හෝ කාන්තාව.

6 ඒඩ්ස් වැනි රෝගී තත්ත්වයන්.

7. එහෙමත් නැතිනම් ආහාරපාන නොලැබීම නිසා හටගත් මන්දපෝෂණ තත්වයක් වෙන්නත් පුළුවනි.


මගේ වයස අවුරුදු 24යි. විවාහ වෙන්න ඉන්නේ. බෝයි ෆ්‍රෙන්ඩ් කියනවා මගේ ඇග කෙට්ටු වැඩියිලු. වෙඩින් එකට තව මාස හයක් විතර තිල්ලෙනවා. ඉක්මනට මහත් වෙන්න ක්‍රමයක් නැද්ද?


ඇයි නැතේ, තියෙනවා. හැබැයි පළමුවෙන්ම ඔබ වෛද්‍ය පරික්ෂාවකට ලක් විය යුතුයි. එහිදී මා ඉහත සඳහන් කෙට්ටු වීමට හේතුවන රෝගී තත්වයන් තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. එවැනි තත්වයක් නැති බව සැක හැර දැන ගත්තාට පසුව ආහාර ගත යුතු ආකාරය පිළිබඳව පෝෂණ උපදෙස් ලබා දිය යුතුයි. ඊට අමතරව ආහාර පිරිය ඇති කරවන ඖෂධ, පරිවෘත්තිය වැඩිකරවන ඖෂධ සහ අවශ්‍ය නම් විටමින් වර්ගත් ලබාදේවි. පණු රෝග තිබේ යැයි සැක හිතුණහොත් පණු ප්‍රතිකාරත් ලබා දේවි. උපදෙස් වලට අනුව ආහාරපාන සහ ඖෂධ ලබා ගතොත් බර වැඩි කර ගැනීමට පුළුවන් වේවි.


බර වැඩි කර ගැනීම සඳහා ගතයුතු ආහාරපාන මොනවාද?


අර මා බර අඩුකර ගැනීම සඳහා නොගතයුතු ආහාර වර්ග පිළිබඳව කලින් පරිච්ඡේදයක සඳහන් කළ ඔබට මතක ඇති. ඒ තමා සීනි, පිටි සහ තෙල් සහිත ආහාර. එම ආහාර වර්ග වැඩිපුර ගැනීමෙන් ඇග මහත් කර ගත හැකියි. සීනි, පිටි හා තෙල් සහිත ආහාර ලෙස කැවුම්, වැලිතලප, ලෙමන්පෆ්, නයිස් බිස්කට්, පාන්, බටර් සමග සීනි හෝ ජෑම් වැනි ආහාර සඳහන් කරන්න පුළුවනි. පූර්ණ යොදය සහිත කිරිපිටි මේ හැඳි හතරකට සීනි හැඳි තුනක් දමා තනා ගන්නා පිටිකිරි දවසට තුන් හතර වරක් බීමත් සුදුසුයි. දවසට වේල් 3ක් වෙනුවට වේල් 5ක්ම ආහාර ගත යුතුයි. ගන්නා ආහාර ප්‍රමාණයත් වැඩි කළ යුතුයි. නව ආහාරපාන රටාව ආරම්භ කිරීමට පෙර ඔබගේ බර සටහන් කර ගන්න. ඉන්පසු මසකට වරක් බර කිරා බර වැඩිවන අයුරු සටහන් කරගන්න. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. එවිට ඔබට සුදුසු බර ලබා ගත හැකිවේවි.