gossiplanka image 1
 

කෙම

දරු ප්‍රසූතියට සූදානමින් සිටින මව්වරුන්ට ඇති වෙන ගර්ග අවහිරතා මඟ හැර විය හැකි බවට විශ්වාසයක් පවතින කෙමක් ප්‍රචලිත ව පවතී. එය පහත සඳහන් මන්තරයෙන් තලතෙල් 108වරක් මතුරා ගැබිණිය ගේ යටිබඩේ කතා නො කර ගෑමෙන් සිදු කරනු ලැබේ.

මන්ත්‍රය

ඕං නමෝ අංගුලිමාලෝ මහා ථෙරෝ මහා වීරෝ මහා බලො ගබ්ද නීච විපොසෙත ගගා නික්ඛමතු සව හ:

එහි විද්‍යාත්මක පදනම

මෙය බුද්ධ භාෂිතයට අයත් කමක් හැටියට සඳහන් කළ හැකි ය. ඊට හේතු ව මෙම මන්ත්‍රය අංගුලි මාල මහරහතන් වහන්සේ හා සම්බන්ධකර තිබීම ය. ගැබිණි මව්වරුන්ට දරු ප්‍රසූතිය පහසු කරවීම සඳහා අංගුලිමාල පිරිත සජ්ඣායනා කිරීම තරම් සෙත සලසන වෙනත් ශාන්ති කර්මයක් ඇත්දැයි සැක සහිත ය. එම නිසා මෙම මන්ත්‍රයේ ප්‍රතිඵල පිළිබඳ ව විශේෂයෙන් බෞද්ධයින්ටත් අවිශේෂයෙන් අන්‍ය ආගමිකයින්ටත් පූර්ණ විශ්වාසයක් තැබීමට පුළුවන.  මෙහි දී මැතිරීම සඳහා උපයෝගී කරගන්නේ තල තෙල් ය. තල තෙල්වල ඖෂධීය ගුණය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එය ශ්‍රී ලාංකික ජන සමාජය හොඳින් දන්නා බැවිනි. විශේෂයෙන් තල තෙල් ගැබිණි මාතාවන්ට ගුණදායක බව මෙහි දී සඳහන් කළ යුතු ය. එ වන් ඖෂධීය ගුණ සපිරි තෙල් විශේෂයක් මන්තරයකින් බලගැන්වූ විට ගුණය තව දුරටත් තීව්‍ර වේ.මේ අයුරින් සකස් කළ තලතෙල් ගැබිණිය ගේ යටිබඩේ ආලේ කිරීමේ දී දරු ගැබට ලැබෙන සම්භාහනමය සුවය දරු ප්‍රසූතිය පහසු කර ගැනීමට ඉවහල් වෙන යහපත් හෙද කමක් හැටියට ද සඳහන් කළ හැකි ය.

තලතෙල් වල ඖෂධීය ගුණයත්, මන්ත්‍රයේ ගුප්ත බලයත්, තෙල් ගෑමේ දී මාංශ පේශීවලට ලැබෙන සම්භාහනමය හිතකර චලනයත් ඒකරාශී වී ක්‍රියාත්මක වෙද්දී, ගර්ත හිර දුරු වී දරුවා නිරුපද්‍රිත ව බිහි කිරීමට මට හැකියාවක් ලැබෙතැයි විශ්වාස කිරීමට හැකි ය. මෙම කෙමේ නියමය පරිදි එය කළ යුත්තේ කතා නො කර ය. කෙමක් කරන විට කතා නො කිරීම සාමාන්‍ය සිරිතකි. එය බොහොමයක් කම සඳහා පනවා ඇති නියමයකි. මෙහි දී එසේ කිරීමට නියම ව ඇත්තේ කුමක් සඳහා ද යන්න විමසා බැලීමත් වැදගත් ය. එහි විද්‍යාත්මක සත්‍යයක් තිබේ ද? ගැබිණි මවක් දරු ප්‍රසූතියට ආසන්න වෙන අවස්ථාව සුවිශේෂ ය. එම අවස්ථාවේ දී වෙද හෙදකළ යුත්තේ සුපරීක්ෂාකාරීව පරෙස්සමිනි. කථාව ඊට බාධාවකි. එය වෙදදුරන් ගේ ආචාර ධර්ම පද්ධතියට ද පටහැනි ය. එම නිසා මෙම කෙම ක්‍රියාවට නැංවීමේ දී කතාබස් වලින් වැළකී කළ යුතු ය යන්න නියම ව ඇති බව පැහැදිලිය.