සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලා මා තනිවෙලා ආ.....
වළාකුලකුදු නොමැති අහසේ මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත අඳුර පමණක් රජවෙලා ආ....
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලා මා තනිවෙලා ආ......
ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජිවිතේ බර මගේ හිස මත බරවෙලා ආ...
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලා මා තනිවෙලා ආ.....
රචනය -මඩවල එස්. රත්නායක
ගායනය සහ සංගීතය - ආචාර්ය නන්දා මාලනී
Comments
Post a Comment