gossiplanka image 1


යොවුන් වසන්තයේ  දුහුල් වළාකුලේ //

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා


යොවුන් වසන්තයේ දුහුල් වළාකුළේ.....


දිලිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනි වී //

ගංගාවක් සේ ගලා බසිනු මැන //

නිරන්තරේ සිනා සිසී //


යොවුන් වසන්තයේ දුහුල් වළාකුළේ


හසරැළි ගවසා තුරු මුදුනේ

කල්පනා තෝතැන්නේ //

තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන

අහස් ගඟේ දියඹ දිගේ //


යොවුන් වසන්තය...........


පද රචනය-මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනය -විශාරද ආචාර්ය නන්දා මාලනී

සංගීතය- ඩී.ආර්. පීරිස්