හිඳීවි කොතැනක
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවී කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉදින්
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මග හිඳීවී
නියගට වැස්සක් අද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳිවී
දවසක සොයාන ඒවී
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී
පද රචනය-කුලරත්න ආරියවංශ
ගායනය- සුනිල් එදිරිසිංහ
සංගීතය- ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment