කෙම
කෙසෙල් කදක් කපා හේන්නේ හෝ ගොවිපළේ බිම දමා ගෙන පතුරු ගලවනු. එම කෙසෙල් පතුරු ගොවිපළේත්, වටේත් රිටි සිටුවා ඒවායේ දවටනු. රිළවුන් ගේ පැමිණීම නවතී.
එහි විද්‍යාත්මක පදනම
හේනට කුඹුරට ගොවි පොළට රිළවුන් ගෙන් වන හානිය සුළු පටු නොවේ. ලැබෙන සුළු ඉඩකින් වුව ද උපරිම ප්‍රයෝජනය ගන්නා උත් හේනට, කුඹුරට, ගොවිපොළට පැන බෝග අසානාසි කරනු ලැබේ.මෙය ගොවියන් වෙත එළඹ ඇති මහත් උවදුරකි. එ පමණක් නොව පොල්වගාවට ද රිළවුන් ගෙන් වන අලපාලුව ඉතාමත් විශාල ය. ඇට්ටි සමයේ දී ම උන් ඒවා විනාශ කිරීමට පෙළඹී සිටින අයුරු දැකිය හැකි ය. කෙසෙල් අන්නාසි ආදී අතුරු බෝග වගා ද උන් විනාශ කර දමයි. වර්තමානය වන විට වනාන්තර ප්‍රදේශ වලින් ඔබ්බට ද ව්‍යාප්ත වී ඇති රිළා ගහන අද වන විට දිවයින්නේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි ය. අතීතයේ දී නම් අපේ පැරණි ගොවියා ඊට කදිම පිළියම් යොදා තමන් ගේ හේන, කුඹුර, ගොවි පොළ සුරක්ෂිත කර ගත්තේ උන් විනාශ කිරීමෙන් නොව පළවා හැරීමෙනි. ඒ සඳහා ඔවුහු භාවිතා කළේ කෙම් ක්‍රම ය. මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ද එසේ කළහැකි කෙම් ක්‍රමයකි.මෙම සඳහන් කර ඇති ආකාරයට සැලකිල්ලෙන් ක්‍රියාවට නැංවුවහොත් රිළවුන් ගේ හානිය මුළුමනින් ම වළකාලිය හැකි ය.කළයුත්තේ කෙසෙල් කඳ කපා ගොවිපල මැද දමා පතුරු ගලවා ඉහත සඳහන් කර ඇති ආකාරයට රිටිවල දැවටීම ය. මෙසේ මෙම කෙම කළ විට රිළව් ගොවිපොළට නො පැමිණෙන්නේ කුමන හේතුවක් නිසා ද? යන්න විමසා බැලීම ප්‍රයෝජනවත් ය. රිළවා විමර්ශනශීලී සතෙකි. ඌ නිතර ම පසුවන්නේ අවට වට පිටාව තම නිරීක්ෂණයට හසු කරගෙන ය. හේනත්, කුඹුරක්, ගොවිපොළක් දුටු ව විට ඌ ඒ අවට සිය වර්ගයාත් සමග ගැවසේ. අපේක්ෂා ව ගොවිපලට පැනීමට ආරක්ෂාකාරි අවස්ථාවක් උදා කරගැනීම ය. ගොවිපොළ හිමියා බැරිවෙලාවත් තම බිමෙන් බැහැරට ගියහොත් උන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන බෝගවගා විනාශ කර දමනු ලැබේ. ගොවිපොළ ගැන නිරීක්ෂණයෙන් සිටින රිළවා කෙසෙල් කඳ පතුරු ගහන විට එ දෙස කුතුහලයෙන් යුතු ව බලාගෙන සිටී. ගොවිපලේ තැනින් තැන රිටි සිටුවා කෙසෙල් පතුරු දෙකට ඉරා රඳවන අයුරු ද ඌ සැකයෙන් යුතු ව බලාගෙන හිදී.
කෙම නිමාවට පත්වුණ විට හේන්නේ ගොවිපලේ දැකිය හැක් සැරසිල්ලක් බඳු පරිසර වෙනසකි. රිළවා එය දකින්නේ අනතුරු දායක තත්වයක් හැටියට ය. තමා හා පිරිසට අනතුර කරන්නට යයි ඊළඟට නිගමනය කරනු ලැබේ. එයින් බියට පත් වෙන රිළවා සිය කණ්ඩායමත් කැටුව වෙනත් පෙදෙසකට පලා යයි. එ විට ගොවිපලට රිළවුන් ගෙන් වන හානිය වැළකේ.
Comments
Post a Comment