gossiplanka image 1

කෙම


නො ඉඳුල් මිටිකිරි ස්වල්පයක් පිළියෙල කර ගන්න. එය රන්තැඹිලි ගෙඩියකින් පිළියෙල කරගත හැකි නම් වඩාත් බලසම්පන්න ය. විශේෂයෙන් මිටිකිරි නො ඉඳුල්ව පිළියෙල කළ යුතුම ය යන්න නියමයකි. එම මිටිකිරි පහත සඳහන් මන්තරයෙන් 108 වරක් ජීවම් කර උලුක්කුව සෑදුණ ස්ථානයේ ආලේ කොට සත්වරක් පහතට සූරා එළනු. උලුක්කුව සුව වේ.


මන්තරය


ඕං නමෝ නිරිත නම් පොකුණේ වාසස්ථානය කරන ඇලි ගෙම්බිය ගේ දකුණු කකුලේ උලුක්කුවයි එතනයි මෙතනයි නොවේ.



එහි විද්‍යාත්මක පදනම


හේනේ කුඹුරේ පමණක් නොව විවිධ වැඩකටයුතු වල නිරත වන ශ්‍රමිකයින්ට නිතර මුහුණ පෑමට සිදුවෙන ආසාධන තත්වයකි උලුක්කුව. එය අසාධ්‍ය තත්වයේ ආබාධයක් නොවූවත් පීඩාකාරි ය. සැලකිලිමත් නො වුවහොත් සුවවීමට කල්ගත වේ. උලුක්කුව සඳහා ඈත අතීතයේ සිට ම භාවිතා කොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇති අන්දුටුවයි සත්තයි කියා කිව හැකි කෙම් ප්‍රතිකාරයක් හැටියට මෙය හඳුන්වා දිය හැකි ය. එය උලුක්කුවක් සිදුවුණ විට ඔබටත් අත්හදා බලා ගුණාගුණ හඳුනා ගත හැකි ය. මෙහි දී පොල් ගෑමත්, කිරි මිරිකීමත් කතා නො කර සිදු කළ යුතු යයි අවධාරණය කර තිබීමෙන් හෙළි වෙන්නේ පොල්කිරි ඉතාමත් පිරිසිදු ව ලබාගත යුතු බව ය. ප්‍රතිකාරයක් සඳහා ඖෂධීය ද්‍රව්‍යයක් හෝ ද්‍රාවණයක් ලබා ගැනීමේ දී එය පිරිසිදු ව තිබිය යුතු බව එ මගින් හෙළි වෙයි. ඊළගට එසේ ලබාගන්නා ද්‍රාවණය නොහොත් පොල්කිරි මන්තරයකින් බලගැන්වීම සිදුවෙයි. එය කීපවරක් නොව 108 වරක් මන්තරයෙන් බල ගැන්විය යුතු බව සඳහන් කිරීමෙන් පෙනී යන්නේ පොල්කිරි උපරිම අන්දමින් බල ගැන්විය යුතු බව ය. මන්තරයක ඇති ගුප්ත බලය පිළිබඳ ව මෙම කෘතියේ කීප පොළක ම සඳහන් කොට ඇති බැවින් තවදුරටත් ඒ ගැන පුන පුනා පැවසීම අනවශ්‍ය ය. මේ අයුරින් සකස් කර ගන්නා පොල්කිරි ආලේප කොට පහතට සූරා හෙළීමේ දී ද්‍රාවණය ඉතා හොඳින් ආබාධය ඇති තැනට උරා ගනී. එ විට එම ද්‍රාවනයේ ඇති ඖෂධීය ගුණයක්, මන්තරයේ ඇති ගුප්ත බලය එකට එක් වී ඇති බැවින් උලුක්කුව ඉක්මනින් ම සුව වේ.