gossiplanka image 1
 


සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

ආදර උයනේ දොරටුව ඇරගෙන

ඔච්චම් කරමින් පියඹන්නේ

සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී



සීන පොතේ පිටුවක් පෙරලී ඇත

මොනවද එහි ලියවී ඇත්තේ

ආදරේ

ආදරේ

ම් ම්.......... ආදරේ

ආදරේ ආදරේ ආදරේ.......

සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී


මතක ලොවේ දොර අගුළු ඇරී ඇත

මොනවද එහි හිරවී ඇත්තේ

ආදරේ... ආදරේ

ම් ම් ආදරේ

ආදරේ ආදරේ ආදරේ


සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

එගොඩ ගොඩේ ඇති හීන විමානෙට

මේ පොඩි ඔරුවේ පාවෙන්නේ


සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ

ආදර උයනේ දොරටුව ඇරගෙන

ඔච්චම් කරමින් පියඹන්නේ

සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී


රචනය - ධර්මසිරි ගමගේ

සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය - හරුන් ලන්ත්‍රා