කෙම
මඩුමල් කඩාගෙන විත් කුඹුර වටේත්, කුඹුර මැද තැන් තැන් වලත් ලී ආධාරක මත කතා නො කර රදවනු. තුන් වරුවෙන් පීදුණ ගොයම බොල් කරන ගොයම් මැස්සෝ පළා යති..
එහි විද්‍යාත්මක පදනම
කුඹුර පීදෙන විට එළඹෙන ගොයම් මැස්සන් ගේ හානිය ගොවියා මුහුණ දෙන බරපතල අභියෝගයකි. මාස් කන්නයට වඩා යල් කන්නයේ දී පවතින මෙම උවදුර කෙරෙහි සැලකිලිමත් නො වුව හොත් මුළු කුඹුර ම බොල් වී යෑමට ද පුළුවන. වර්තමානයේ දී මෙන් පරිසරයට පවා අහිතකර කෘමිනාශක භාවිතයක් නො තිබුණ අතීතයේ දී පලිබෝධ නැසීමට විවිධ උපක්‍රම භාවිතා කළහ.
කෙම් කිරිම, දුම්මල ලණුව ඇදීම, බොකු ගෑම, කුඹුරේ රාත්‍රී කාලයට පහන් දැල්වීම ඒවායින් සමහරකි. මැස්සන් පළවා හැරීමේ උපක්‍රම කොතෙක් තිබුණත් අතීත ගොවියා වඩාත් උනන්දු වුණ කෙම්කිරීමට ය. ඒ සදහා ඔවුන් සතුව කෙම් ක්‍රම රාශියක් තිබිණි. ඒවා භාවිතා කළ ඔවුහු කුඹුරු ගොවිතැනින් සරුසාර අස්වැන්නක් ලැබූහ.
මෙහි සඳහන් කොට ඇත්තේ ද ඒවා අතුරෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙමකි. එය කරන ආකාරය පිළිබඳ ව විස්තරයක් මෙහි ඉහත සඳහන් කොට ඇත. ප්‍රශ්නය එය නොවේ. මඩුමල් කුඹුරේ රැදෙව් විට ගොයම් මැස්සන් ගේ හානිය දුරුවන්නේ කෙසේ ද යන්න ය. සැබවින් ම අපේ පැරණි ගොවියෝ ගොයමට හානි කරන මැස්සන් පළවා හැරිය හැකි මල් වර්ග ගැන අත්දැකීමෙන් අවබෝධයක් ලබාගෙන සිටියහ. එම අවබෝධය තුළ මඩුමල් වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මඩු මල් වලින් නික්මෙන ගන්ධය ගොයම් මැස්සන්ට විෂ සහිත ය. එය දැනුණ සැණින් උන් වෙනත් දිශාවකට පළා යති. මෙහි පවත්නා විද්‍යාත්මක සත්‍යය එයයි. මඩුමල් පමණක් නොව මිදෙල්ල මල්, මී මල්, දළුක් මල්, මා එරමිණියා මල් යනාදියත් මැස්සන්ට විෂ සහිත ය. එහෙත් මඩුමල් වල පවත්නා ගන්ධය ඒ සියලු මල්වලින් නිමෙන ගන්ධය අභිබවා යන තරමට ප්‍රබල ය. ගොයම් මැස්සන්ට නුරුස්සන සුළු ය, විෂ සහිත ය.
Comments
Post a Comment