කෙම
කතා නො කර වතුර බඳුනක් ගෙන, පහත සඳහන් මන්තරයෙන් එම වතුර බඳුන 21 වරක් ජීවම් කර උදේ සවස පානය කරනු. ඕනෑම පොතක් වන පොත්කර ගැනීමට හැකි බව පැවසේ.
මන්ත්‍රය
ඕං විදූගත සරස්වතී විදාන ගුලලිපන් නම: ඕං ගුලි ධාරනේස්වා හ: සිද්ධි කරුගනම්.
එහි විද්‍යාත්මක පදනම
වර්තමානයේ ඉගෙන ගන්නා ළමයි අතර පවතින බරපතල ගැටළුවකි පාඩම් නො හිටීම. ඒ නිසා කොච්චර කියෙවත් පාඩම් හිටින්නේ නෑ' යන මැසිවිල්ල නිතර අසන්නට ලැබේ. වර්තමානයේ එ ලෙස වුව ද අතීතයේ දී එ වන් මැසිවිලි අසන්නට නො ලැබිණි. ඊට හේතු ව පංසල ආශ්‍රිතව අතීතයේ ඉගෙන ගත් ළමයි කෙම්පහන්, සෙත්ශාන්ති, ශාන්ති කර්ම, තෙල් බෙහෙත් වල බලය ද සිය අධ්‍යාපන කටයුතු සඳහා උපයෝගී කර ගැනීම ය. අද එ වන් ගුප්ත ශාස්ත්‍රවල පිහිට පතන අය විරල ය. වැඩිහිටියෝ ද එවන් ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීමේ සිරිතක් නො පවතී. එ වන් ක්‍රියාකාරකම්වල සැගවුණ බලයක් නැතැයි අපට නිශ්වාස කිරීමට නුපුළුවන. අත්හත්භූත සිදුවීම් ගහන මේ විශ්මිත , විශ්වයේ එක් ග්‍රහලෝකයක ජීවත්වන ජීවීන් විශේෂයක් හැටියට " සැලකෙන මනසින් දියුණු මිනිසුන් වශයෙන් අපට ඒ ගැන සිතන්නට සිදු ව ඇත.
මෙහි ඉදිරිපත් කොට ඇති කෙම් ක්‍රමය ඊට කදිම නිදසුනකි. එහි අප අපේක්ෂා කරන අයුරු ධාරණ ශක්තිය වර්ධනයෙහි ලා සිත පෙළඹවිය හැකි ගුප්ත බලයක් තිබේ ද යන්න විමසුමට ලක්විය යුතු කරුණකි. එය මන්ත්‍රයක් පෙරටු කරගත් සරල ක්‍රියාවකි. කෙමක අනන්‍යතාවය තහවුරු කරමින් කතා නො කර ලබා ගන්නා වතුර බඳුනක් ක්වල මන්ත්‍රයකින් ජීවම් කළ යුතු ය. ඉක්බිති එම වතුර උදේ සවස පානය කිරීමෙන් අපේක්ෂාව මුදුන් පත් කර ගැනීමට මග පෙන්වා ඇත. මෙහි දී සිදුවන්නේ ශබ්ද ශාස්ත්‍රය පදනම් කොට ගොතන ලද මන්ත්‍රයක ඇති ජීව ගුණය එම වතුර බඳුනට ආරෝපණය කිරීම ය. ඉක්බිති වතුර බදුන හා සංකලනය වුණ එම බලය වතුර බඳුන පානය කිරීමෙන් අදාළ පුද්ගලයාට ලැබෙනවාටත් වඩා එසේ ලැබෙන බවට ආත්ම ශක්තියක් ඔහු ගේ සිතේ ගොඩ නැගේ. එම ශක්තිය පාඩම් කිරීමට ඇති කරන පිටුබලය අතිමහත් ය. එම නිසා මෙබදු ගුප්තමය ක්‍රියාකාරකම් වලින් ප්‍රයෝජන ලැබීම අසීරු නොවේ.මෙම කෙම් ක්‍රමයේ දී ද කතාවට තහංචි පනවා කෙම් ගෞරවය හා සුරක්ෂිත භාවය ආරක්ෂා කොට ඇති බව පෙනේ.
Comments
Post a Comment