කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැකි
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරි
දෑස මොටද සිතුසේ දැකගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
රචනය -මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - විශාරද නන්දා මාලනී
සංගීතය -ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment