gossiplanka image 1
 


කෙම


ශරීරයේ මොනයම් ස්ථානයක වුව ද ගෙඩියක් සැදීගෙන එන විට කහ සහ හුනු එකට මිශ්‍ර කොට පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ලෑල්ලක හෝ එසේ නැත්නම් බිත්තියක කකුලක් ඇඳ වන්නේ කටුවකින් අඳින ලද රූපයේ තැන් තැන් වලට අනිනු. තමන් ගේ ශරීරයේ නම් තමන්ම කරනු. එසේ නොවේ නම් ආසාධන තත්වයට ලක් වෙමින් සිටින පුද්ගලයාට අනින්නට දෙනු. ගෙඩිය ගැට වේ.


මන්ත්‍රය


මං හ්‍රීං රිං සකාබඳු සාතිබදුනාං


එහි විද්‍යාත්මක පදනම


ශරිරයේ සෑදෙන ගෙඩි සඳහා වෙදකම් කරන වෛද්‍යවරු ඈත අතීතයේ සිට ම අපේ රටේ සිටියහ. දැනුදු නැතුවා නොවේ. මෙහි දී ප්‍රධාන වශයෙන් ගෙඩි සුව කිරීමේ ක්‍රමවේද දෙකක් පවතී. ඉන් පළමු වැන්න ගෙඩිය සෑදෙන්නට ලකුණු පහළ වුණ විට, එ නම් එහි ප්‍රාථමික අවධියේ දී එය ඖෂධ මගින් සුව කිරීම ය.දෙවැන්න ගෙඩිය සෑදුණ පසු පැසවන්නට හැර එහි සැරව ඖෂධ මගින් ඉවත්කොට තුවාලය සුවපත් කිරීම ය.කෙසේ වෙතත් පළමු ක්‍රමය වඩාත් සහනදායක ය. එමගින් ඇතින්වෙන වේදනා සහ අපහසුතා පමණක් නොව ඒ සඳහා ගතවන කාලය ද මද බැවිනි. මෙහි සඳහන් වන්නේ එ ලෙස මන්ත්‍රයක් හා බැඳුණ කෙමක් මගින් ගෙඩියේ ප්‍රාථමික අවධියේ දී එය මුළුමනින් ම සුවපත් කිරීමකි. මෙම කෙම සතු ව ප්‍රබල විද්‍යාත්මක පදනමක් ඇත. එය තීව්‍ර අන්දමින් රෝගියා ගේ අවධානයට යොමුවන්නකි. එමගින් ඇතිවන රෝගියා ගේ සුව වීමේ අපේක්ෂාව වර්ධනය කිරීමට සමත් ශාබ්දතාවයක් මෙම සතු ව පවතී. එය කෙම ප්‍රායෝගික කරණයට බඳුන් කිරිමේ දී නිරායාසයෙන් සිදු වේ.කහ සහ හුණු මිශ්‍රණය ජීවමකින් බල ගන්වා අඳින ලද රූපයට වානේ කටුවකින් අනින විට රෝගියාගේ සිතේ ගොඩ නැගෙන චිත්ත බලය ද මෙහි දී අතිශයින් වැදගත් ය. එ ලෙස කරන විට දී ආසාධනය පවතින ස්ථානයට වන්නේ කටුවකින් ඇන එම පීඩාකාරී තත්ත්වය ඉවතට ගන්නාක් වැනි සිතිවිල්ලක් ද ඔහු ගේ සිත්තේ ඇති වේ. එය ද සුවය සඳහා මහෝපකාරි වෙන මහඟු දායකත්වයකි. ඒ සියල්ලටමත් වඩා මන්ත්‍රයක ගුප්ත බලය ද එක් වී ඇති බැවින් ගෙඩිය මතු වෙන්නට ආ තැන ම ගැට වී ශුන්‍ය වී යෑම අපේක්ෂ කළ හැකි ය.