කෙම
ගොයමට කෘමීන් හානි කරන විට උන් ගෙන් එකෙක් අල්ලා මිට මොලවා ගෙන කතා නො කර කුඹුර වටේ රවුම් හතක් යනු. ඉන්පසු එම කෘමියා මුදාහැර කුඹුරට පිටුපා අප්පුඩියක් ගසනු. එම වර්ගයේ කෘමීන් ගෙන් වන හානිය දුරුවේ.
එහි විද්‍යාත්මක පදනම
අපේ පැරණි ගොවියෝ කුඹුරට හානි කරන සතුන් පළවා හැරියා මිස උන් විනාශ කළේ නැත. එය අතීතයේ සිට පැවති සිරිතකි. එසේ කරන්නට තරම් සිංහල ගොවියා අවිහිංසාවාදී වී සිටියේ දෙවියන් බුදුන් අදහාගෙන ගොවිතැන් කළ නිසා ය. මෙහි දී ගොයම් මැස්සෙක් හෝ ගොයමට හානි කරන කෘමියෙක් අල්ලා කෙමේ සදහන් අයුරු කුඹුර වටේ රවුම් හතක් ගොස් අතහැරිය විට එම කෘමි හානිය දුරුවෙන්නේ කෙසේද යන්න විමසා බැලිය යුත්තකි. කෘමියෙක් අල්ලා මිට මොළවා ගත්විට එම කෘමියාට දැනෙන්නේ දැඩි අපහසුවකි. මිට තුළ අඳුරත් වාතාශ්‍රය නො ලැබීමත් නිසා ඌ භීතියෙන් භීතියට පත්වෙයි. එයින් ඇළලීයන කෘමියා නිරන්තර උත්සාහයක යෙදෙන්නේ පත්වුණ ග්‍රහණයෙන් මිදෙන්නට ය. එහෙත් කුඩා සතෙක් වන බැවින් හස්ත ග්‍රහණයෙන් බේරී පළා යෑමට නුපුළුවන. කෘමියා තවදුරටත් බියට පත්කිරීම සඳහා කෙම විසින් කාලයක් නියම කර ඇත. එය කුඹුර වටා හත්වරක් ගමන් කිරීමට ගතවෙන කාල පරිච්ඡේදයයි. කෘමියාට නිදහස ලැබෙන්නේ මේ අයුරු හොදහැටි බියට පත්වුණ පසුව ය. එ නමුදු බියට පත්වුණ කෘමියා ලැගුම් ගෙන සිටි කුඹුර අතහැර නො යයි. ඌ යන්නේ අකර තැබ්බයට පත් වෙන්නට පෙර සිටි කෘමි ගහනය වෙත ය. එම ගමන අප්පුඩි ගැසීමෙන් කඩිනම් කරනු ලැබේ. එහි යන කෘමියා අක්‍රිය විලාශයකින් සිටින්නේ ද නැත. පත්වුණ අකරතැබ්බය තම සංඥා මගින් සිය වර්ගයාට දනම් දෙනු ලැබේ. ඒ ගැන දැනුවත් වන ඔවුන් අනතුරුදායක තත්වය සිය සංඥා මගින් කුඹුර පුරා විසුරුවා හරී. ඒ සඳහා එ තරම් වෙලාවක් ගත වෙන්නේ ද නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෘමි ගහනය පොදු තීරණයකට එළඹෙති. එය වෙනකක් නොව එම කුඹුර අතහැර වෙනත් දිශාවකට යන්නට පටන් ගැනීම ය. එ වන් ක්‍රියාකාරකම් කාමි ගණ යේ සතුන් අතර කොතෙකුත් සිදු වේ. ඒ සඳහා උන් භාවිතා කරන්නේ උන්ට පමණක් ආවේණික සංඥා ක්‍රමයකි.
කූඹි හෝ කඩි රැලක් එහා මෙහා ගමන් කරන විට විමසිල්ලෙන් බැලුවහොත් ඒ බව අවබෝධ කර ගැනීමට පුළුවන. උන් දෙදෙනෙක් මුණ ගැසුණ විට නිම්හෙයක් නතර ව පණිවුඩ හුවමාරු කර ගන්නා නියාවක් පෙනේ. එය ඉහත සඳහන් කාරණය සනාථ කර ගැනීමට කදිම නිදසුනකි.
Comments
Post a Comment