කෙම
ගෝ වෛද්‍යවරයෙක් ලවා කං පලයක් සාදවා කතා නො කර ගෙනැවිත් අස්ථිය බිඳුණු ගවයා ගේ කරේ බඳිනු. අස්ථිය සුව වේ. .
එහි විද්‍යාත්මක පදනම
ගවයෙකු ගේ අස්ථියක් බිඳුණු විට ගව හිමියා ඒ බව ගමේ ගවයින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට දැනුම් දෙනු ලැබේ. එ විට වෛද්‍යවරයා බෙහෙත් ගෙඩියක් සාදා දෙනු ලැබේ. එය හඳුන්වන්නේ කෙං පලය යනුවෙනි. ඉන්පසු ව ගව හිමියා කළ යුත්තේ කතා නො කර කෙං පලය ගෙනැ විත් අස්ථිය බිඳුණ ගවයා ගේ කරේ බැඳීම ය. මෙසේ කෙං පලය බැන්ද පසු කෙටි කලක දී ගවයා සුවපත් වේ. වෙනත් ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ගවයෙකු ගේ ශරීරගත ආබාධයකට බෙහෙත් ගෙඩියක්‍කරේ එල්ලුව විට එම ආබාධය සුවවෙන්නේ කෙසේ ද යන්න
මෙම කෙම් ක්‍රමය පිළිබඳ ව අසන ඔබට විමතියක් විය හැක. සැබවින් ම මෙහි විද්‍යාත්මක පදනමක් පවතී. එය මතුකර නොගෙන කුතුහලයට පත්වීම නිරර්ථක ක්‍රියාවකි. කෙං පලය යනු ඖෂධ වර්ග සංයෝග කොට සාදනු ලබන්නකි. එයට බෙහෙත් ගෙඩිය කියා ද කියනු ලැබේ. එ මෙන් ම සකසනු ලබන්නේ හෝ වෛද්‍ය කර්මය උගත් දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකි. ඒ සඳහා ඔහු භාවිතා කරනු ලබන්නේ ඇති වී ඇති රෝගී තත්ත්වයට එ නම් කැඩුම් බිදුම් සුවපත් කිරීම සඳහා ගුණ ගෙන දෙන ඖෂධ එකතුවකි. ප්‍රථමයෙන් ගවයා ගේ අස්ථි බිඳුම සුවකළ හැකි ඖෂධ එකතුවකින් ඔහු උගත් බෙහෙත් වට්ටෝරු ව භාවිතාකොට ඖෂධ සංයෝගයක් සකසනු ලැබේ. ඊළඟට කෙං පලය සැකසීම ආරම්භ කරනු ලබයි. එය එක්තරා විදියක වියමන කි. කැඩුම් බිදුම් වලට ගුණ දෙන කොට තිඹුර, අන්දර ආදී ගස්වල පටාත් ගොතකය වැනි වැල්වල පට්ටාත් ඊට උපයෝගී කර ගනී. යට කී ඖෂධ සංයෝගය අන්තර්ගත කොට කං පලය සකසනු ලැබේ. ගවහිමියාට එය ලැබෙන්නේ ඉන් පසුව ය. ඔහු විසින් කළ යුත්තේ කතා නො කර එම කෙං පලය ගෙනැවිත් අදාළ ගවයා ගේ කරේ බැදීම ය. මෙම ක්‍රියාවේ දී කතා කිරීමෙන් වැළකී සිටිය යුත්තේ කෙං පලයේ අන්තර්ගතව ඇති ඖෂධ සංයෝගයට ශබ්ද තරංග මගින් කිසියම් බලපෑමක් වෙතොත් එය වළකාලීම සඳහා ය.ගවයා ගේ කරේ නිසිල්ලෙස කෙං පලය එලූ විට එය මුළුමනින් ම කැඩුම් බිඳුම් සුවපත් කරන ඖෂධ සංයෝගයක් වන බැවින් ස්පර්ෂයෙන් එහි ගුණය ශරීරයට උරා ගනී. එ විට ගවයා ගේ බිඳුණු අස්ථිය සුවපත් වීම කඩිනම් වේ.
Comments
Post a Comment