gossiplanka image 1
 


කෙම


 බඩේ අමාරුවට ගුණදෙන ඖෂධ ශාකයක දෙහි, ඉගුරු, ඉරිවේරිය වැනි පත්‍රයක් කතා නො කර කඩා රෝගියාට නො දැනෙන්නට පෑගෙන්නට දමනු. බඩේ ගාය සුව වේ.


එහි විද්‍යාත්මක පදනම


තමන් ගේ අභිවෘද්ධිය සඳහා පමණක් නොව අන්‍යයන් ගේ අභිවෘද්ධිය සඳහා ද කරනු ලබන කෙම් ක්‍රම සිංහල ජන සමාජයේ සුලභ ය. ඒ අතර අදාළ පුද්ගලයාට නො දැනෙන පරිදි වෙනත් කෙනෙකු විසින් එම පුද්ගලයා ගේ යහපත උදෙසා කරනු ලබන කෙම් ක්‍රම ද කලාතුරකින් වුව ද දැකිය හැකි ය. මෙය එම ගණයේ ලා ගිණිය හැකි කෙමකි.මෙසේ වෙනත් කෙනෙක් වෙනුවෙන් කෙමක් කරන්නට යම් පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ ඔහු පිළිබඳ සිතේ හටගන්නා දයානුකම්පාවෙනි. එම පුද්ගලයා පත් ව ඇති ව්‍යාධියෙන් මුදවා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් ය. එ මෙන්ම ඔහු මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කරන්නේ ද සිතේ නිරායාසයෙන් ගොඩ නැගෙන එම චේතනාව මුල්කරගත් චිත්ත ශක්තිය මත ය.ඊළගට කම සඳහා තෝරාගන්නේ බඩේ ගායට ගුණ දෙන ඖෂධ ශාකයක පත්‍රයකි. එය පෑගෙන්නට සලස්වා ඇති බව රෝගියා නො දැන සිටියත් එය පෑගුණ විට එහි ඇති ඖෂධීය ගුණය ඔහු ගේ ශරීරයට උරාගනී. එම ගුණය ආසාධන තත්වය ඇති තැන කරා ගමන් කොට ඊට එරෙහි ව සටන් වදී. කතා නො කර කඩාගන්නා ඖෂධ පත්‍රය, කතා කර කර කඩා ගන්නා පත්‍රයට වඩා රෝග නිවාරණ ගුණයෙන් පොහොසත් ඖෂධ ශාකවල පත්‍ර ශරීරයේ ස්පර්ෂ වෙන්නට සලස්ව සුවය ලබා දෙන වෛද්‍ය කර්ම සිංහල වෙද කමේ කොතෙකුත් ඇත. ඒවා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත ව පවතී. මෙහි දී බඩේගයට එරෙහි ක්‍රියාන්විත දෙකක් දියත් වේ. ඉන් පළමු වැන්න කෙම කරන්නා ගේ චිත්ත ශක්තියයි. දෙවැන්න අදාළ රෝගයට ගුණදෙන ඖෂධ පත්‍රයේ ස්පරයයි. මෙම දෙක ම ශක්ති විශේෂ දෙකකි. එම ශක්තීන් දෙක ඒකාබද්ධ ව ක්‍රියාත්මක වෙන විට එහි බලය ඒක පාර්ශවීය බලයකට වඩා ප්‍රබල ය. එම නිසා යට කී රෝගාබාධය සුවවීම කඩිනමින් සිදු වේ.