gossiplanka image 1
 


කෙම


මීයෙක් සපා කෑ විට කතා නො කර රත්තරන් කෑල්ලක් රත්කොට සපා කෑ ස්ථානය පුළුස්සනු. මී විෂ නිවාරණය වේ.


එහි විද්‍යාත්මක පදනම


මී විෂ පිළිබඳ ව ජනතාව අතර බියක් පවතී. එය නිතර කතා බහට ලක් නො වූවත් සුළු පටු ද නොවේ. ඊට හේ තුව කොස් ඇට මීයා, හික්මීයා, තලපමීයා, ඌරුමීයා ආදී හැම වර්ගයක ම මීයන් විෂ සහිත වීම ය. අතීතයේ දී නම් මීයන් සපා කෑ විට සුදු කබර සෑදෙනවා යයි විශ්වාසයක් පැවතිණි. වර්තමානයේ එම බිය තවදුරටත් පුළුල් කරමින් රෝග ගණනාවක බිය සමාජය වෙත යොමු කර තිබේ. ඊට හේතු ව මී උණ ආදී රෝග මීයන් නිසා ඇතිවෙන බව අනාවරණය වී තිබීම ය.  කෙසේ වෙතත් ගෘහවලත්, ගෘහ ආශ්‍රිතවත්, ගොවිපලවලත් මීයන් බහුල ව ජීවත් වෙමින් ජන ජීවිතයට තර්ජනයක් එල්ල කොට තිබේ. මීයන් සපා කෑම බහුල ව සිදු නො වූවත් ඉදහිට වුව අසන්නට ලැබේ. එම නිසා ඉහත සඳහන් කෙම ඊට කදිම ප්‍රතිකාරයකි. එය අදා බැලූවෝ ද සිටිති. එහෙත් එ මගින් මී විෂ නිවාරණය වන්නේ කවර කාරණයක් පදනම් කරගෙන ද යන්න මෙහි දී විමසා බැලීම අතිශයින් වැදගත් ය. කසුන්, කණක, ස්වර්ණ ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන රත්තරන් වටිනා ලෝහ වර්ගයකි. එය දෙවෙනි වන්නේ යුරේනියම් නම් ලෝහ වර්ගයට පමණි. රත්තරන් ශරීරයේ ස්පර්ශ වීම ඉතාමත් ගුණදායක බව මිනිසා හඳුනාගෙන ඇත්තේ අද ඊයේ සිට නොවේ. එ මගින් මිනිසාට ආකර්ෂණිය බලයක් පමණක් නොව ඖෂධීය ගුණයක් ද ලැබෙන බව සත්‍යයකි. එම නිසා රත්තරන් ශරීරයේ ස්පර්ෂ වීම ගුණදායක තත්වයක් වන අතර එහි විෂ නැසීමේ හැකියාවක් ද ඇති බව නිගමනය කළ හැකි ය.

ඉදින් මී විෂ නැසීමේ හැකියාවක් රත්තරන් වල නැතැයි කාටනම් කිව හැකි ද? මීයෙක් සපා කෑ විට ශරීර ගත වන විෂ නිවාරණය කිරීම සදහා රත්තරන් උපයෝගී කර ගන්නේ ඒ නිසා විය යුතු ය. රත්තරන් කෑල්ලක් හෝ රනින් කළ ආහරණයක් රත් කිරීම්මේ දී එහි ඇති ශක්තිය උද්දීපනය වේ. එ බැවින් මීයෙක් සපා කෑ තුවාලයේ එය තැබූ විට විෂ පිළිස්සී යනු ඇතැයි මෙහි දී නිගමනය කිරිමට සිදුවෙයි. බොහෝ කෙම් ක්‍රමවලට ආවේනික කතා නො කර කිරීමේ සිරිත කමට අලංකාරයක් මෙන් ම ආරක්ෂාවක් ද වෙන බව සැළකිය හැකි ය.