කෙම
කක්කල් කැස්ස සෑදුණ රෝගියෙකු ගේ කරට කැහිපිත්තන් වැලක් ඇද වළල්ලක් සාදා කතා නො කර දමා පාදයෙන් පන්නා එම වැල් වළල්ල ගෙන වන්නේ දමා කොටා මිරිකා කැඳ සාදා බොන්නට දෙනු. කක්කල් කැස්ස නිවාරණය වේ.
එහි විද්‍යාත්මක පදනම
කැහි පින්තන් වැල් විශේෂයකි. ගම්බද ගෙවතුවල කොතෙකුත් දැකිය හැකි ය. එය පෙනහලු ආශ්‍රීත රෝගවලට ඉතාමත් ගුණදායක ය. කක්කල් කැස්ස ද පෙනහලු ආශ්‍රිත රෝග යක් වන බැවින් ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. කක්කල් කැස්ස කරදරකාරි රෝගී තත්වයකි. ඒ සඳහා සිංහල වෛද්‍යක්‍රමය තුළ ප්‍රතිකාර විධි කොතෙකුත් පවතී. එහෙත් සුවකර ගැනීමට අපහසු ව කල්ගත වී ගොස් පීඩා විඳින අය දැකිය හැකි ය. ඖෂධ මගින් කරනු ලබන ප්‍රතිකාර වලට පරිබාහිර ව කක්කල් කැස්ස සුවකිරීම සඳහා ම වෙන් වුණ කෙම් ක්‍රම ගණනාවක් ම ප්‍රචලිතව පවතී. ඒවායේ ප්‍රතිඵල සතුටුදායක වන බැවින් ඒ සඳහා යොමු වෙන්නේ ද දැකිය හැකි ය. මෙය ද එ වන් කෙමකි. මෙ මඟින් කක්කල් කැස්ස සුව වන්නේ කෙසේ ද යන කාරණය විමසා බැලීම ප්‍රයෝජනවත් ය. කැහි පින්තන් කක්කල් කැස්සට ගුණදායක බව මෙහි ඉතහ සඳහන් විය. එහි කොළ කොටා මිරිකා බඳුනකට දමා තැබුවහොත් ජෙලි මෙන් මිදේ. පෙනහලු වලට ගුණදායක බැවින් සමහරු කැහිපිත්තන් එ ලෙස මුදවා අනුභව කරති. මෙහි දී සිදුවන්නේ කැහිපිත්තන් වැල් වලින් වළල්ලක් සාදා කතා නො කර රෝගියා ගේ කරට දැමීම ය. කොළ සහිත එම වළල්ල ශරීරයේ ස්පර්ෂ වේ. අප ගේ ශරිරය ඖෂධ ශාකයක් ස්පර්ෂ වුණ විට එහි පවත්නා ගුණය මුළුමනින් ම නැතත් යම් පමණකට උරා ගැනීමට සමත් ය. කරේ සිට එම වළල්ල පාදයෙන් පන්නන විට මුළු ශරිර යේ ම ස්පර්ෂ වේ. එ විට එහි ඇති ඖෂධීය ගුණය තවදුරටත් උරාගනී. ඒ පළවන පියවර ය. කැහිපිත්තන් වැල් පාදයෙන් පන්නා වනේ ලා කොටා කැඳ සාදා රෝගියාට බොන්නට දුන්විට වක්‍රව ලබාගත් ඖෂධීය ගුණය සිරුරට ඍජුව ම ලැබේ. එ විට කක්කල් කැස්ස සුවවීම පිළිබඳ ව විවාදයක් නැත.
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් වන බැවින් ගෞරවාන්විතව කළ යුතු ය. එම නිසා එය ක්‍රියාවට නැංවීමෙහිලා කැහිපිත්තන් වැල් වළල්ල කතා නො කර කරට දැමිය යුතු යයි කම විසින් ම නියමයක් ද පනවා තිබේ.
Comments
Post a Comment