gossiplanka image 1


ඇසේ නගනයක් සෑදුණ විට හිමිදිරි උදෑසන කතා නොකර තුත්තිරි මලක් ඇද එහි ඇති යුෂ නගනයේ ආලේ කරනු. නගනය සුව වේ.


එහි විද්‍යාත්මක පදනම


මෙය අප ජන සමාජයේ ප්‍රචලිතව පවතින කෙමකි. එමගින් සුවය ලැබුවෝ අප අතර කෙත්තෙකුත් සිටිති. මෙම කෙම ගැන නො දන්නා කෙනෙකුට තුත්තිරි ගසේ යුෂ ලබාගන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවීමට පුළුවන. එහෙත් එය ඉතාමත් සරල මෙන් ම පහසු ක්‍රියාවකි. තුත්තිරි ගස මලෙන් අල්ලා පරෙස්සමෙන් ඇද්ද විට බොඩයත් සමග ගලවා ගැනීමට පුළුවන. එසේ ගලවා ගත් තුත්තිරි ගසේ කඳ අග්ගිස්සත්, මලත් වෙන් වන පරිදි දඹරැගිල්ල මත තබා මහපට ඇගිල්ලේ නියපොත්තෙන් තදකොට මලෙන් අල්ලා සෙමෙන් සෙමෙන් පස්සට අදින්න. එ විට තුත්තිරි ගසේ බොඩයේ කෙළවරින් කුඩා යුෂ බින්දුවක් මතුවේ. එය පරෙස්සමෙන් නගනය මට හෙළන්න. මෙම ප්‍රතිකාරය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා කැඩ පතක් භාවිතා කිරීමට පුළුවන.


මෙම කෙම් ප්‍රතිකාරය තුන්වරක් කිරීම හොඳට ම සෑහේ. සමහර විට එක් වරකින් හෝ දෙවරකින් සුවය ලැබීමට ඉඩ තිබේ.  කතා නො කර උදැසනින් මෙම ක්‍රියාවට නැංවීම නියමයක් වුව ද, එමගින් සුවය සඳහා ප්‍රබල දායකත්වයක් සපයන්නේ යයි සියයට සියයක් ම නිගමනය කිරීම අපහසු ය. ඊට හේතු ව ඍජුව ම ඖෂධ ශාබයක සාරය ක්‍රියාත්මක වන බැවිනි. එය කෙසේ වෙතත් කතා නො කර මෙම ක්‍රියාවට නැංවීමෙන් එහි පවිත්‍රතාවයත් ගෞරවයත් සුරක්ෂිත වේ. මෙහි දී ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වන්නේ තුත්තිරි ගසේ ඖෂධීය ගුණය වන බැවින් මෙය ඖෂධයක් හා ඒකාබද්ධ වුණ කෙමක් හැටියට සඳහන් කළ හැකි ය.  නගන සුවපත් කිරිම සඳහා ප්‍රබල ඖෂධීය ගුණයක් තුත්තිරි ගසේ ඇති බව අවබෝධ කරගත් අපේ පරැනෝ මෙය ඈත අතීතයේ සිටම ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇත. එසේ සොයාගත් මෙම ප්‍රතිකාරය කෙම් ක්‍රමයක් බවට හරවා ජන සමාජයට හදුන්වා දෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.