දකුණු පළාතේ කඳුකර ගම් ප්‍රදේශයකි. මුළු ගමටම තිබුණේ එකම කඩයකි. ගමේ වෙතත් අය කොතෙකුත් කඩවල් ආරම්භ කළ ද ඒවා ආරම්භ කර ටික දිනකින්ම වැසි යන්නේ හිරු දුටු පිණි වෙති. මේ නිසා තිබුණු එකම කඩයේ තිත ඕනෑම දෙයක් කිසිදු තේරීමකින් තොරව මුදලාලි කියන මිලකට ගැනීමට මෙ ගම් වැසියට සිදු විය. කුණු ලුණු කරවල කුණු අල ආදිය සෑම විටකම කඩ ඔක්කි තුළ පිරී තිබුණි. එහෙත් මුදලාලි පවසත්තේ ඒවා හොඳම බඩු බවයි. කඩයකට පැමිණෙත ඕනෑම කෙතකුට ඔහු කියන්නේ ඕව හොඳ බඩු අපි කගෙත් ඕව තමයි යනුවෙහි. කොතරම් කුණු බඩු බාල බඩු කල් ඉකුත් වු බඩු එම කඩේ විකිණීමට තබා තිබුණත් කිසි දිනක සෞඛ්‍ය නිලධාරියෙකු නම් ඒ කඩේ පස් පැගුවෙත් නැත. ඊට හේතුව ප්‍රසිද්ධ රහසකි.
කෙසේ වෙතත් ගමේ මිනිසුන් ද ඒ ගැන කටක් ඇර කිසිවක් නොකියන්නේ මොනව වුණත් ගමටම කත්ත මගගත් දෙන මනුස්සයගේ කියාය. ඒ අනුව ඇතැම් ගැමියෝ මුදලාලිට දෙයියන්ට මෙත් සැලකූහ. මෙසේ කාලය ගතවී යද්දි ප්‍රදේශය බාරව අලුතත් පත්ව ආ සෞඛ්‍ය නිලධාරී මහතා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ අවංක නිලධාරියකි. තෑගි බෝග පඬුරු පැහැදුම් ඔහුට නයාට අඳු කොළ මෙත් විය. දිනක් හදිසියේම නිලධාරි මහතා මෙම වෙළෙඳ සැලට පැමිණියේය. ඔහු පැමිණිත විටත් පණුවක් සහිත කරවල කූරි දෙක තුනක්ම කඩ බක්කියේ තිබී ඇත. මොකටද මුදලාලි මේ කුණු කරවල? නිලධාරි මහතා විමසුවේය. මුදලාලිට ගණ දෙවි නුවණ පහළ විය. බුදු මහත්තයා ඕව බල්ලන්ට. ඔහුට කීමට ලැබුණේ එපමණකි. මොතව මුදලාලි ඔෂහ් බල්ලන්ටත් කරවල විකුණනවද? නිලධාරියා ගුගුෂලේය. බුදු මහත්තයෝ ඔය ගෙවල් වල ඇති කාරක බල්ලන්ට හොදි හදලා දත්ත මිහිස්සු ඕව ගෙහි යනවා. මුදලාලිගේ පිළිතුරෙන් නිලධාරි මහතාට කේන්ති ගියේය. අනේ අපේ කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න ශබ්දයක් තිබුණාලු. කී තිලධාරියා මුදලාලිට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තාලු.
Comments
Post a Comment