නොසැලකිලිවත්කමින් සිදු වීමට ගිය මහ විපතන් වළක්වා ගැනීමට උත්සාන ගත් අයකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහහුවර නගරාසන්ගයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
කුඩා දරුවන් තිදෙනා සමගින් සිය ත්‍රිරෝද රථයෙන් ඔහු මහනුවර නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීමේ අරමුණනි. තම බිරිඳගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව ඒ සියල්ල එකම වහලක් යටින් මිලදී ගැනීමට නොහැකි බව දත් ඔහු තැන තැන තම ත්‍රිරෝද විය නවත්වමින් අවශ්‍ය කළමනා ලබා ගැනීමට යුහුසුළු වුවේය. කෙසේ නමුත් එසේ නවතා ගිය ත්‍රිරෝද රිය එක් ස්ථානයක දී පසුපසට යෑමට පටන් ගෙන ඇත්යත් එහි සිටි දරුවන්ගේ මර ළතෝනි හඩ මධ්‍යයේය.
ඒ සමඟම ඒ ආසන්නයෙන් ගමන් කළ තරුණයකු වහා ත්‍රිරෝද වියට නැගී එය නවතා දැමීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේත්ම දරුවන්ගේ කෑගැසීම ඇයි අදාළ ත්‍රිරෝද රථ නිම්කරු ද චිතැනට දිව ආ පසු ඔහුට වැටහී ඇත්යත් තම දරුවන් තිදෙනාද සමගින් වීම ත්‍රිරෝද එය පැහැර ගැනීමට එම තරුණයා උත්සාහ ගන්නා බවකි. එම දර්ශනයෙන් කුපිත වූ ඔහු තරැණයාට දිගට හරහට පහර දීමට පටන්ගෙන ඇත්තේ ව්මම දරුවන්ගේ හැඬීමද තවත් තීව්‍ර කරවමිනි. කෙසේ නමුත් එම සිදුවීම මුල සිට දුටු අවට පිරිස් අදාළ තරුණයා වහා ඔහුගෙන් මුදා ගෙන සිදුවූ සියල්ල පැවැසීමෙන් පසු ත්‍රිරෝද රථ හිමිකරු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් සිදු වූ වරදට සමාව අයැද දණ ගසා වැඳ ගිය බව වැඩිදුරටත් අනාවරණය වේ.
Comments
Post a Comment