තම බිරිය නැති වුනත් මත්පැන් බීමට අවශ්‍ය බව සැමියකු පොලිසියේද ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පූජාපිටිය පොලිසියේද කළ පැමිණිලි විභාගයකින් පසුගියදා අසන්නට ලැබිණි. පුජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ඔහු මෙයට මාස හත අටකට පමණ පෙර විවාහ වූ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි. ඔහුගේ බිරියගේ වයස ද අවුරුදු 36 ක් පමණ වේ. විවාහ වීමෙන් පසුව සැමියාගේ නිවසේ පදිංචියට පැමිණ සිටි බිරිඳ නිතරම මුහුණ දුන් ගැටලුවක් නිසා ඇය බොහෝ අපහසුතාවට පත්ව සිටියාය. එනම් සැමියා නිතරම නිමත්ව සිටීමය. සමෙම මත්පැන් බීම නවත්වන ලෙස බිරිඳ සිය සැමියාට කොතෙක් ඉල්ලීම් කළ ද විය ඉටු නොවූ තැන ඇය පොලිසියට ගොස් තම සැමියා නිතරම මත්පැන් පානයට හුරු වී ඇති බැවින් තවදුරටත් ඔහු සමග ජීවත්විය නොහැකි බවත් තමන් තම නිවසට යන බවත් සැමියා මත්පැන් බීම නැවැත්වීමෙන් පසුව නැවත පැමිණෙන බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය.
මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා සැමියා සහ බිරිඳ පොලිසියට කැඳ වූ අවස්ථාවේ සැමියා පොලිසියට ප්‍රකාශ කළේ බිරිඳ නැති වුණත් බොන් නැතිව ඉන්න බැරි නිසා බිරිඳ තරහ වී නිවසින් ගිය ද තමන්ට බොන්න ඕන බවයි. විවාහ වීමෙන් පසුව තම දරු පවුල සමග ජීවත්විය යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරින් කොතෙක් අවවාද දුන්න ද වී කිසිවක් පිළිගැනීමට ඔහු එකඟ නොවූ නිසා ඔවුන් දෙදෙනා පොලිසියෙන් පිටත්ව ගියේ විසඳුමක් නොමැතිවය. කෙසේ නමුත් තම සැමියා කවදා හෝ මත්පැන් බිම අත්හරිනු ඇතැයි බිරිඳ බලාපොරොත්තුවක් ඇතිව පොලිසියෙන් පිටත්ව ගියාය.
Comments
Post a Comment