gossiplanka image 1
 






ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාත් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ  ග්‍රාමීය ප්‍රදේශයක ජිවත් වූ ව්‍යාපාරික පවුල ඇසුරු කලේ  තෝරාගත් පිරිසක් පමණි. විවිධ ක්‍රම මඟින් ධනය රැස් කිරීම පමණක් සිදුකළ ඔවුන් ගමේ ජනතාවගත් ඇත්වීම ඉතා කෙටි කාලයක් තුළ දී සිදුවිය. ව්‍යාපාරිකයාගේ පුතා ද ව්‍යාපාරිකයකු වූ අතර ඔහු දේශපාලන උණ හිසටත් ඉහළින් තිබූ අයෙකි. ව්‍යාපාරික පුතා ළඟදී විවාහ දිවියට එළඹ සිටි අතර විවාහයන් පසු සිය සුවිසල් මහල් නිවස් යුවළ ජීවත් වූහ. එම නිවසේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවි කිරීමට ව්‍යාපාරික පුතා කටයුතු කළේය.


දිනක් මෙම යුවළ බැහැර ගොස් ගෙදර පැමිණන විට නිවසේ බඩු මුට්ටු ඇද දමා ඇතැම් භාණ්ඩ කඩා බිඳ තිබුණි. වහා කලබල වූ මෙම ව්‍යාපාරික පුත්‍රයා නිවසට හොරු පැන ඇතැයි පවසා ආරක්ෂක  අංශවල පිහිට පැතුවේය. ඒ සඳහා සිය දේශපාලන හයිය ද යොදා ගැනීමට ඔහු අමතක නොකළළේය. ආරක්ෂක නිලධාරීන් පැමිණි පරික්ෂා කිරීමේ දී ඔවුනට කාරණය අවබෝධ වීමට වැඩි කාලයක් ගත නොවුණි. ආරක්ෂක නිලධාරිහු ආරක්ෂිත කැමරා පද්ධති දත්ත ගළපා පරීක්ෂා කළහ. විශාල රිළවුන් රංචුවක් නිවසට පැත නිවස පුරා සැරිසරන අන්දම එම දත්තවල සටහත් වී තිබූ ආකාරය ඔවුන්ට නිරික්ෂණය විය. තාක්ෂණික දැනුම අල්ප ව්‍යාපාරිකයා ලජ්ජාවත් ඇඹරමින් ආරක්ෂිත අංශවලට ප්‍රශංසා කර සිද්ධිය වසත් කර ගැනීමට උත්සාහ දැරුව ද දින කිහිපයකින් සිද්ධිය ගම පුරාම ප්‍රචලිත වූයේය.