මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ඇය සබරගමුව පළාත් කාන්තාවකි. ඔහු වයඹ පළාතේය. දෙපාර්ශවය එක්ව සංවිධානය කළ මංගල උත්සවය හෝටලයේ යට පැවැත්විණි. පසුදින ඇය මතාලයාගේ නිවසට කැඳවාගෙන ඒම උත්සවයකි. මනාලයාගේ හිත මිතුරෝ නිවසට කැඳවාගෙන එක මතාලිය පිළිගැනීමට සුදානම් වුහ.
ඔවුන් ඒ සඳහා විල්බැරෝවක් සරසා තිබුණි. නිවසට ළඟාවන නැකත් වේලාවට ටික වේලාවකට පෙර මතාල යුවළ ඇයගේ පාර්ශවයේ අය කැටුව හිෂවස් සීමාවට පැමිණියහ. හිත මිතුරෝ අතරමගින් මංගල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසු විල්බැරෝවේ ඇය හිඳුවා මනාලයාට තල්ලු කරගත යාමට කටයුතු සැලසුම් කළේය. මනාලයා ඇය එහි හිඳුවා තල්ල කරගන යන අතරවාරයේ දී ඇය හැඳ සිටි සාරිය විල් බැරෝවි රෝදය් පැටලුණි. පිරිස එක්ව දැඩි අසීරුෂවත් පැටලුණු සාරිය ගලවාගෙන ඇතත් සාරියට ඉත් පලුදු වී ඇත. එය කුලී පදනමට ගෙන එන ලද සාරියකි. එහි වටිනාකම අධිකය. එම පාඩුව දරන්නට මනාලියගේ පාර්ශ්වයට නොහැකි බව ඔවුහු කීහ.
කෙසේ වෙතත් විනෝදයක් තකා රැග් එකක් දන්නට ගිය කණ්ඩායම එම මුදල ගෙවිය යුතු බවට මනාලියගේ පාර්ශවෂයන් චෝදනා පිට චෝදනා එල්ල විය. එම අපවාද වලිත් මිදෙන්නට මනාලයාගේ පාර්ශ්වය සාරියේ වටිනා කමත් ළකොටසක් ගෙවීමට එකඟ විය. ඉතිරිය රැග් කණ්ඩායම මත පැටවීමට තීරණය විය. ඇදගත ආ සාරිය මනාලියටම සිත්තයට දී ඒ වෙනුවෙන් අලුත්ම සාරියක් මිල දී ගෙන එය මනාලියගේ ඥාතීන් අතේ සාරිය බාරදුන් ආයතනය වෙත යැවීමට රැග් කණ්ඩායම පියවර ගත්තේය.
Comments
Post a Comment