එදින සවස ද ඇය මුහුදු වෙරළට ගියේ පෙම්වතා හමුවීමටය. ඔහු දුටු ඇයගේ සතුට ඉහවහා ගියාය. දෙදෙනා මුළු ගැන්වීමට සුදුසු තැනක් බැලූහ. දෙදෙනා සෙමින් සෙමින් වැටකෙයියා පඳුරක් තුළට රිංගා ගත්හ. ටික වේලාවක් පෙම්සුව විඳිමින් සිටින විට බලාපොරොත්තු නොවූ ලෙසට දුෂ්ඨයින් එකෙක් නොව දෙදෙනෙක්ම ඔවුන් වෙත කඩා පැන්නහ.
“අපි හමුදාවේ... ගන්නවා හැඳුනුම්පත්” තරුණිය හොඳටම බියට පත්වූවාය. දුෂ්ටයන් දෙදෙනා පෙම්වතා එම ස්ථානයෙන් ඉවත් කොට ඇයට යෝජනාවක් කළහ.
“අපි එක්කත් එන්න ඕන නැත්නම් ගෙදරට කියනවා. දෙනව ෆෝන් නොම්බරය” දුෂ්ඨයින්ගේ ඉල්ලීමට බිය වූ ඇය තම දුරකතන අංකය දුන්නාය. දුරකතන අංකය ලබා ගත් දුෂ්ඨයෝ පිටව ගියහ.
පසුදින ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. “ඔයා අද එන්න ඕන” ඇමතුම දුන්නේ කවුද කියා ඇය හඳුනා ගත්තාය. සිදුවීමට යන දෙය තවදුරටත් සඟවා සිටීම නුසුදුසු බව දැනගත් ඇය සිද්ධිය අම්මාට පැවසුවාය. පසුව දෙදෙනාම නැවතුනේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේය.
පොලිසියේ උපදෙස් පරිදි ඇය ඔවුන්ගේ ඉල්ලීමට එකඟ බව පවසා දුරකතනයට ඇමතුමක් දුන්නාය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇය හමුවීමේ අරමුණින් පිටත් වූහ. එහෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට මාර්ග බාධකයක දී දෙදෙනා හික්කඩුව පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූහ.
Comments
Post a Comment