මෝටර් රථයකින් ගමනක් යමින් සිටි ව්‍යාපාරිකයෙකුගේ මෝටර් රථයේ හැපුන බීමත් පුද්ගලයකුගේ මුවාවෙත් වාසි ලබා ගැනීමට ගිය පිරිසකට සිදුවූ ඇබැද්දයක් පිළිබඳ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
ව්‍යාපාරිකයා මිතුරකු ද සමඟ මෝටර් රථයකින් ගමනක් යමින් සිටියදී ප්‍රධාහ මාර්ගය අද්දර සිටී බිමත් පුද්ගලයකු මෝටර් රථෂය් ගැටී ඇත. කලබලයට පත්වූ ව්‍යාපාරිකයා තමාට වූ අලාභය ගැන ද හාසිතා වැටුණු පුද්ගලයා ළඟට දිව ගියේය. මෝටර් රථයේ ගැටුණ පුද්ගලයාට අමාරුවක් හොමැති බව දැනගත් ව්‍යාපාරිකයා සුසුමක් හෙලු නමුත් තම මෝටර් රථයේ ඉදිරිපස විදුරුවට හානි විය. ඔහු එය සාදා ගැනීම සඳහා යාමට සැරසුණි. එහෙත් ඔහුට යන්නට ලැබුණේ අහතුරට පත් පුද්ගලයා සහ ඔහුගේ බිමත් මිතුරන් පිරිසක් එක්ව ව්‍යාපාරිකයාට යුද්ධ ප්‍රකාශ කර ඔහුගෙන් ගාණක් කපා ගැනීමට උත්සාහ කළ නිසාය. කලබලයට පත් ව්‍යාපාරිකයා පළාතේ පොලිසිය ඇමතිය.
ටික වෙලාවකින් පොලිස් නිලධාරින් දෙදෙනකු එම ස්ථානයට පැමිණීමත් සමග ව්‍යාපාරිකයා සිදුවූ දිය පොලිස් හිළධාරින්ට පැවැසීය. පසුව අනතුරට පත් පුද්ගලයා බිමත්ව හොඳටම පදම් වී සිටී නිසා පොලිස් නිලධාරින් දැක මහත් කලබලයට ද පත්වූයේය. .පසුව අහතුරට පත් පුද්ගලයා පොලිස් නිළධාරින් සහ ව්‍යාපාරිකයා අමතමින් මෙසේ කියා ඇත.
"මගේ අත වැදුනා කාර් එකේ. සර් මට කිසිම අමාරුවක් නෑ. සර්ලා යන්න.”
පසුව තම සහායට ආ මිතුරන් දෙසට හැරී මෙසේ කීවේලු.
"මට අමාරුවකුත් හෑ. මට සල්ලිත් එපා. මම බලත් නෑ. උඹලට ඇයි මොකද වෙත්ත ඕනේ.”
කෝපයට පත් මිතුරන් ඔහුට ප්‍රකාශ කරද්දී අසල සිටි කාට කාටත් සිහා පහළ විය.
Comments
Post a Comment