gossiplanka image 1
 





වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිමව පිහිටි කුමාර ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ මැණික් ගැරීම් කාලයක් තිස්සේ සිදුවන්නකි. එය මහා පරිමාණයෙන් නොවුවද ඇළේ දොළේ පතුළ අත හා විනෝදයට මෙන් කුඩා හෝ මැණික් ගලක් සොයා ගැනීමට අවට පිරිස් පුරුදු වී ඇත්තේ මැණික් සඳහා පවතින මිල  හේතුවෙනි. දිනක් යාබද ගමක පිරිසක් රාත්‍රියේ වස්ගමුව වනන්තරයේම නැවතී පසුදා මණික් ගැරීමට සැරසී තිබේ. ශිතට සිට මැණික් ගැරීමට ඇති හෙයින් කලින් නිදා ගැනීමට පිරිසක් සුදානම් වෙද්දී කිහිප දෙයිනෙකු මදු වින තොලකට ගෑමට සැරසු ඔවුන් හෙට සිට මැණික් සෙවීමේ කටයුත්තට සුදානම් වමිනි. කෙසේ වෙතත් රෑ මැදියම වෙද්දී හොඳටම සුර් වු පුද්ගලයකු නැවතී සිටි තැනින් මද දුරක් ඇවිද ගියේ හඳපාගන් වස්ගමුව වන පෙතේ සුන්දරත්වය විඳීමේ අවශයයි.


මද වේලාවක් ගත වුවත් සිය සගයා ආපසු පැමිණි බවක් හෝ ඔහු අපි අතරින් ඉවත්ව ගිය බවක් සෙසු පිරිසට අවබෝධ නොවුයේ සුර් විමේ පදම වැඩි නිසාමය. මේ  අල්ලපනල්ලේ සුර් වී සිටි පුද්ගලයා ද එළියේ  අසිරිය විඳිමින් හිංසීරුවේ  බිම දිගා වුයේ වනාන්තරය පිස එන මද සුළඟට ඇති ලෝබකමිනි. කෙසේ වෙතත් රාත්‍රියේ කක්කල කරන වල් අලියෙකු නිදා සිටි පුද්ගලයා ආසන්නයෙන් ගමන් ගත් හැල හොල්මිණය. අලියා ද නිදා සිටි පුද්ගලයාට කරදරයක් නොකොට හීන්සැරේ  මාරු වී ගියද නිදා සිටි පුද්ගලයා හිටි හැටියේ අවදි වුයේ අලියා සිය ඇඟ උඩින් මාරු වි යන අවස්ථාවේදීමය. දෙපැත්හිතන් යෝධ කකුල් දුටු මේ  පුද්ගලයා මරහඬ දී කෑ ගසන්නට විය.


අලියා ද  කලබල වී පැත්ත නොබලා දුවන්නට විය. නිදා සිටි පුද්ගලයාද කඳ බැලීම පසෙක තබා ඉදිරියට දිව ගියේය. අළියා  දුවන ඉසව්ව මග හැරීමට  ඇළකට  පැනීම හොඳ යැයි සිතූ මොහු කළේ ඇළට ගැනීමය. සිදුවුයේ හීනකින්වත් නොසිතූ දෙයකි. වලත්තක් ද මේ ඇගල් සහ වී සිට ඇත. එකවරම ඇඟට කඩා වැටුණ මකො ඔරත් සමග කලබල වු වලසා ද මරලතෝනි දී ඇළ ඉවුරත් බිඳගෙන දුවන්නට විය.සිද්ධියෙන් පසු වස්ගමුවේ මැණික් ගැරීම් පසෙකලා අලුයමිනේම් පිරිස ගම්බිම් බලා ආපසු පිටත් වුයේ ආයේ නම් කිසිදාක වස්ගමුව පස් ගන්නවත් නොවන බව කියමිනි.