gossiplanka image 1


සංගීතය බලා ගෙදර එද්දී මධ්‍යම රාත්‍රියේ කනත්තේ සිට තමා අමතන්නේ භූතයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් අගනුවරට නුදුරු නගරයකින් වාර්තා වෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


පිටිසරින් අගනුවරට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු මිතුරන් තිදෙනෙකි. සංගීතයට ලැදි මේ මිතුරන් නවාතැන් ගෙන සිටින්නේ එකම බෝඩිං කාමරයකය. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වන සංගීත සංදර්ශනයක් ආසන්න නගරයේ එදින රාත්‍රියේ පවත්වන බව එක් මිතුරකු තම අනෙක් මිතුරන් දෙදෙනාට කිවේ එය නැරඹීමට තම කාර්යාලය මිතුරන් කීප දෙනෙකු  සහභාගි වන බව පවසමිනි. මම නම් වැඩි වේලාවක් ඉන්නේ නැහැ හෙට හදිසි වැඩක්. ඒ නිසා මම ඔයාල ගැන බලන්නේ නැහැ. මට  හිතුනු ගමන් ආපසු බෝඩිමට යනවා. එක් සගයෙක් කී විට මමත් එහෙමයි නිදිමත වුණ ගමන් යනවා ඔන්න ආයි කියන්නේ නැතිව ගියා කියලා දොස් කියන්න එපා. අනෙක් සගයා ද කීවේ. ප්‍රසංගය පැවැති භූමියට බෝඩිම වැඩි ඈතක් නොවු නිසාය.


ටික වේලාවක් ප්‍රසංගය නැරඹූ එක් සගයෙක් කලින්ම යන්නට ගියේය. මධ්‍යම රාත්‍රියට ආසන්නව අනෙක් සගයා දපා ගමනින්ම ආවේ තරමක වැසි තත්ත්වයක් ඇති වූ නිසාය. කනත්තක් මැදින් වැටී ඇති මාර්ගයේ කනත්ත ආසන්නයට ළඟා වන විට වැස්ස තදින් කඩා වැටුණි. හොල්මන් අවතාර පිළිබඳ කිසිදු තැකිමක් නොකරන ඔහු කනත්ත මැද පිහිටි සොහොන් ගෙට දුව ගියේ වැස්සෙන් බේරීමටය. මද වේලාවක් එහි රැදී සිටි ඔහු දුටුවේ වැස්සට තෙමෙමින් වටපිට බලමින් අඩියට දෙකට මාර්ගයේ ගමන් කරන තම අනෙක් මිතුරාය. ඔහු අමිතා "මචං තෙමෙන්න ඒපා අසනිප වෙයි. මේ හෙට වරෙන් වැස්ස පායන කර්ම මෙතන ඉදල යන්න පුළුවන්." කනත්තේ සිටි සගයා හඬ නගා කීය. මේ මහ රෑ  කනත්තේ සිට තමා අතන්නේ භූතයෙකු යැයි සිතූ මිතුරා “බුදු අම්මෝ ම බැරියෝ" කියා මර කඩ දී දුව ගියේය.


වැස්සෙන් පසු කනත්තේ සිටි සගයා ද නවාතැනට යන විටත් අනෙක් මිතුරෝ ඔහු වටකරගෙන සිටි අතර ඔහුගේ කෑගැසීමේ අඩුවක් ද නොවීය. මචං හරි වැඩේ මෙයා කනත්ත ළඟදී භූතයෙකුට බය වෙලා. මිතුරෙක් කීය. එහෙත් කනත්තේ සිට ඇමතුවේ තමා යැයි කොතරම් පැහැදිලි කළ ද ඒ බය ඇමට පසුදින යකදුරෙකුගේ සහාය පැතීමට මිතුරන්ට සිදුවිය.