අලුත ගෙනා මනාලියගේ දැවැද්දට ලැබුන අල්මාරියෙන් ගැරඬි දෙදෙනකු එළියට පැමිණීම නිසා මනාලියගේ නිවස එකම ජංජාලයක් වූ පුවතක් කටුගස්තොට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. වාර්තාවන අන්දමට සිදුව ඇති සිද්ධිය මෙසේය.
ඇයගේත් ඔහුගේත් එකම ගමේ වැළි කෙළියේ පටත් පැවැති සෙනහස ප්‍රේමයක් බවට පත්වුයේ ඇගේ බාල සොහොයුරාගෙන් ලැබුණු ආධාර උපකාරවල ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් දෙපාර්ශවයේ මවුපියගත් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පැවැති ප්‍රේමය මංගල්‍යයකින් අවසන්වීමට අවස්ථාව නොලැබුනේ වෙතත් මනාලයකුගේ මනාලියකවීමට ඇයට සිදුවූ හිසාය. මේ පිළිබඳව දැඩි සිත් තැවුලෙන් පසුවූ ඔහු මේ සිදුවීමට එරහිව කුම්භ හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිතා ඊට විකල්පයක් ලෙස තෝරා ගත්තේ නව යුවළට කාට දෙකක් යැවීමට අවශ්‍ය බව පවසමින් ඇගේ බාල සොයුරාගෙත් දැවැදි සමඟ යවන අල්මාරියේ යතුරු සුළු වේලාවකට ඉල්ලා ගැනීම පමණි.
කිසිත් හොදත් මාල යුවල සිය මධු සමයද ගතකොට දින දෙකකට පසු ලැබුණ තෑගි බෝග හා දෑවැදි මනාලයාගේ නිවසේ අස්පස් කරන අතර විවෘත කළ අල්මාරියත් හදිසියේ එළියට ආ විශාල ගැරඬින් දෙදෙනෙකු නිසා මානල නිවසේ බොහෝ බඩු බාහිරාදිය ද කැඩී බිඳී යාමට ගතව ඇත්තේ ද සුළු වේලාවකි. පසුව ආරංචි වූයේ මනාලියගේ පැරණි පෙම්වතා කොට්ට දෙකක් දෙන මුවාවෙන් ගොනියක දැමූ ගැරඬි දෙදෙනා ආල්මාරියේ දමා ඒවා ඇති බවය.
Comments
Post a Comment