gossiplanka image 1
 


තිස් අට හැවිරිදි මවක් තම 14 හැවිරිදි පුතාත් සැමියාත් අතහැර දමා තුන්මස් බිළිදාත් වඩාගෙන 17 හැවිරිදි පෙම්වතා සමග පැනයාමේ සිද්ධියක් මාවතගම පොලිසියෙන් අසන්නට ලැබුණි.ඇය තිස්අට හැවිරිදි විවාහක කාන්තාවකි.  ව්‍යාපාරිකයෙකි. ඇය 14 වියැති පුතෙකුගේ සහ තුන්මස් බිළිඳකුගේ  මවකි.


කාලය කෙමින් ගෙවී යද්දි මෙම  කාන්තාව 17 හැවිරිදි තරුණයකු සමග පෙමින් වෙලුනාය. අවසානයේ මෙම සම්බන්ධය පිළිබඳ සැමියා විසින් මාවතගම පොලිසියේ පවුල් ආරාවුල් අංශය වෙත පැමිණිලි කළේය. දෙපාර්ශ්වයම පොලිසිය වෙත පැමිණියේ මෙම ආරාවුල සමතයකට පත්කර ගැනීම සඳහාය. තමාට 14 හැවිරිදි පුතෙකුත් ඉන්නවා. තමා තව ටිකක්  කල්පනා කළොත් නේද හොඳ? පවුල් අවුල් කර ගන්නෙ නැතිව පොලිසියෙන්  කාන්තාවට කොතරම් අවවාද කළද කාන්තාව කියා සිටියේ තම පෙම්වතා සමග  යාමට අවශ්‍ය බවය.


පොලිසිය 17 හැවිරිදි  පෙම්වතාගෙන්ද ප්‍රශ්න කළේ මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා  දීමටය. බැහැ මටත් මෙයා නැතුවම බෑ. ඒ නිසා මේ තුන්මස් දරුවාත් මෙයත් එක්ක යනවා.   17 හැවිරිදි පෙම්වතා එක හෙළාම පැවසීය. පොලිසිය දෙපාර්ශ්වයටම අවවාද කිරීමෙන් වයස 40 ක් පමණ වූ සැමියා 14 හැවිරිදි තම දරුවාත් සමග නිහඬව පොලිසියෙන් නික්ම යනු පෙනුණි