හරියටම මීට වසර විසිතුනකට පෙර මියගිය විජේසිරි මහතාගේ පියාණන් නිතර ඇසුරු කළ විහාරස්ථානයක් වන මෙම රජමහ විහාරයට විජේසිරි මහතා තවත් ගෝලබාලයන් දෙතුන් දෙන කුද කැටිව අද මේ පැමිණ සිටින්නේ එමී විහාරවාසී භික්ෂුන් වහන්සේලාට සාංඝික හීල් දානයක් පිරිනැමීමටය.
විජේසිරි මහතාගේ සුපිරි වෙළෙඳසැලෙහි වැඩිහිටි කාර්ය මණ්ඩලය මෙම ප්‍රානමය පුණ්‍ය කර්මය සුවිශේෂී සිදු වීමක් හැටියට සැලකුවද තානායමේ තරුණ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනා එම පුර්ණ කටයුත්ත දුටුවේද තම ව්‍යාපාරික ස්ථානයේ සිදුවන තවත් එක් අමීතර රාජකාරියක් පලෙස පමණය.
ඒ දැන් සිටින බහුතරයක් තරුණ පිරිසගේ හැටිය. එම නිසා ආගමික වත්පිළිවෙත් සම්බන්ධයෙන් පරම්පරා දෙකක් අතර ආගමික දැනුමේ පරතරය මැන බලා ගන්නට ටිජේසිරි මහතාට එය සුවිශේෂී අත්දැකීමක් වුවද, ඒ ගැන වැඩිදුර හිතන්නට පවා ජේසිට මහතා ගේ කර්‍වඥත්තක් නැත.
ඊට හේතුව දැන් සමාජයේ සුළභව දක්නට ලැබෙන තාරුණ්‍යයේ පුහුණුවර විජේසිරි මහතාට කොහෙත්ම දිරවන්නේ නැති නිසාය. දානය පිරිනැමීම සඳහා විජේසිරි මහතා සිය සුපුරුදු කැබ් රථයෙන් පැමිණ තිබූ අතර දානය සඳහා අවශ්‍ය වන අඩුම කූඩුව පටවා ගෙන වෑන් රියක්ද කැබ් රිය සමගම විහාරස්ථානයට පැමිණ තිබුණි.
දානය සඳහා පිසූ ආහාර පාන සහිත භාජන එමී වැන් රථයේ පසුපස කොටසේ පිළිවෙළට අඩුක් කොට තිබූ අතර එහි මැද ආසන සම්පූර්ණයෙන්ම පිරී පැවතුන් සංඝයා වහන්සේලා වෙනුවෙන් විජේසිරි මහතා කල් තබා මිළට ගෙන තිබූ සුවිශේෂී පිරිකර පාර්සල්වලින්ය.
ආදාළ ආගමික වතාවත් ඉටු කොට විහාරවාසී සහ පිරිවනෙහි අධ්‍යාපනය ලබනා විසි නමක් වූ සාමීය හිමිවරුන්ටද හීළ දානය
පිරිනමීපක්‍ෂීන් පසුව පිජේසිරි මහතා නොදැනීම විහාරාධිපති ළොකු හාමුදුරුවන් සමග රටතොට පිළිබඳ කතා බහට එකතු වූයේ එම කතාබහත් ගිහි පැවිදි දැනුම් හුවමාරුවේම කොටසක් බවට අද වන විට පත්වී ඇති නිසයි.
මිනිස්සුන්ට දැන් ගොඩක් අමාරුයි මුදළාලි මහත්තයා... ඇතැම් විට ඒ බව ගම් බැරි අමාරුකම් ඇති උදවිය හේන සළාක ප්‍රානෙනුත් පෙන්නුම් වන අවස්ථා තියෙනවා.... දැන් බඳුමු මේ පහුගිය වෙසක් පොසොන් උත්සව... එයිනා බබි වැටමුයි. රෙඩිමේඩ් වෙසක් කුඩුයි... නානා ප්‍රකාර දැන් සැමූයි එක්ක ඇදිලා ගිය අපූරුව...
නායක හාමුදුරුවන් විජේසිරී මුදළාලිට එසේ පවසන්නේ ඔහු හුදු තවත් එක් වව්‍යාපාරිකයෙකුගේ මානසික මට්ටමේ සිටින්නකු යැයි පූර්ව මතයක පිහිටාගෙන පිය යුතුය.
එහෙත් සැබවින්ම ගත්විට විජේසිරී මුදළාලි මහතා සිටින්නේ නායක හාමුදුරුවන් පවසන එම ඛේදනීය සමාජ තත්ත්වය පවා ආගමික දැක්ෂීකින් දකිනා තැන්පත් ඕනසිකත්වයක බව හාමුදුරුවන් පවා සිතන්නේ නැත.
''... මිනිස්සුන්ගෙ සිතිවිලි තාක්‍ෂණයන් එක්ක තදින්ම බැඳිලා හාමුදුරුවනේ... මේ ඉදිරි අවුරුදු දහය පහළව තුළ අපි වගේ හිත්ත පතන... ඒ අතීතය දන්නා කියන මිනිස්සු ටික මැරිලා ගියාට පස්සේ මේ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකයට කොහේ ගිහින් නතර වෙයිද දන්න හාමුදුරුවනේ...''
විජේසිරි මහතා නායක හාමුදුරුවන් ඉදිරියේ පවසන්නේ සිය අවංක හෘදය සාක්‍ෂියම් ය.
"....කළබල වෙන්න එපා මුදළාළි මහත්තයා... වෙලාවකට එහෙමි හිතෙන එක සාධාරණයි තමයි... නමුත් අපි සිය හිතන තරමටම යම් කිසිම දෙයක් විනාස මුඛයට යන්නේ නෑ... මිනිස්සු මොන තරම් අග හිඟකම්වලින් පෙලුනත් මිනිස්සුන්ගේ හිත්වල ආගමික නැඹුරුවත් යම් ප්‍රගතියක් පේන බව ප්‍රසිද්ධියේ නොකීවාට හැම දෙනෙක් දන්නවා
මහත්තයා...
දැන් බලන්න.. අනුරාධපුර, පොළොන්නරු කතරගම වගේ ආගමික ස්ථාන තියෙන පළාත්වල සති අන්තයේ කොයි තරම් ජනකායක් රැස්වෙනවද කියළා... ..........
විජේසිරි මුදළාලිගේ ජංගම දුරකථනය ඒ වැදගත් සංවාදයට බාධා කළා.
තාමත් පන්සලේ ද?"
විජේසිරි මුදළාලිගේ ව්‍යාපාරයේ ගණකාධිකාරී අංශය බාරව සිටිනා ලිපිකාරිණීගේ හඬ බෝ මළුවේ සිළි සිළිය මැදින් පන්සලේ වැලි මළුවට ගලා ගෙන ආවේය.
සර්... මීට මේ කතා කෙරුවේ අපිට කුකුල්මීස් දැන මුදළාලි ඇවිත් ඉන්නවා සර්... අදළාලිට යන්න හදිස්සි ය කියලා අහනවා කුකුල් මීස් කිළෝ කීයක් විතර ළන ඕ පූට ඕනද කියලා... මම කීවා... සර් යම් වෙලාවේ බිසිය කියළා. නමුත් ඇහුවේ නෑ.... කුකුල් මීස් කපන අයට මේ සවලායවමි කි ගාණ කියන්න ඕනෑවූ... ඒකයිවූ මේ වෙලාවෙම කිළෝ ගාන අහන්නේ කියනවා සර්... මීමී සදන්නද මේ කුකුල් මිස් මුදළාලිට ෆෝන් එක.
දුරකථනයෙන් නින්නාද වන ඒ වදන් වැල් විසිරී මිත්තා පය ගසා සිටිනා සිළි සිළි බෝපත් සෙළවෙන සුමුදු විහාර වැළි මිළුවක සිට ශ්‍රවණය කිරීමට කිසිසේත්ම සුදුසු මාතෘකාවක් නොවේ.
එනමුත් කළ හැකි අන් යමක් නැත. ජිවත්වීම සඳහා තෝරාගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වෙළඳාම වුවද එහිද යම් යම් අංශ පස් පව් හා බැඳී ඇත්නම් ඒම අංග වහා පිටු දැකීමට කාලය පැමිණ ඇති බවට පමීම දුරකථන ඇමතුම් මොනවට පැහැදිලි කර දී ඇතුවා නොවේද?
"...අනේ මුදළා.... කේන්ති ගන්න එපා.... යමේ දවස්වල ඩ්‍රයිවර්ලා ගෝළයෝ සේරමත් නිවාඩු ගිහින්.... බීම එයි අද යම් වාහයනත් එළවගෙන ආවේ.
කුකුල්ලු කපන ගෝලයා වසවර්තියා වගේ මීට් ෆාම් එකේ ඉඳන් කොල් ගහනවා මරන්න ඕන සත්තු ගාන කියද අහලා..
කුකුල් මිස් තොග වෙළෙන්දා විජේසිරි මුදළාලිට කනිපින්දම් කියන්නේ ඔහුගේ අද දින වව්‍යාපාරික ඉලක්කය ගිලිහී යාදෝයි උපන් චකිතයෙන්ය.
"....කමක් නෑ.... ගිය මාසෙ ස්ටොක් එකට දාන්න..." විජේසිරි මුදළාලි කෙටි පිළිතුරක් දුන්නේය. දුරකථනයේ නිහඬතාවයෙන් කියවෙන්නේ එම පිළිතුර කුකුළු මස් වෙළෙන්දාට ප්‍රමාණවත් නැති බවයි.
"...අනේ තරන නැතිව සත්තු ගානක් කියනවද සර්...."
කුකුල් මස් තොග මුදළාලිගේ ඇපිටිල්ලේ නිමාවක් නැත.
මුදළාලි ඔබතුමාත් බෞද්ධයෙක් නේද ?...... මීට දැන් ඉන්නේ විහාරස්ථානයක බව කළින්ම කීවා නේද?"....
ඔබ තුමා දැන් මීගෙන් අහන්නේ ඔයාගේ කුකුල් කොටුවේ ජිවතුන් අතර ඉන්න කුකුල්ලු කී දෙනෙක් මීන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් මරළා හමි ගහන්නද කියළා නේද ...
ඉතින් ඒ ප්‍රකට චිත්ත ඉඳන් උත්තර දෙන එක සදාචාර න්‍යයන්ද මුදළාලි... ඒ වගේම ඔබ තුමාත් නැගී එන තරුණ ව්‍යාපාරිකයෙක් නිසා මේ වගේ සංවේදී කාරණා ගැනත් පොඩක් ගැඹුරින් තිතන්න...
මමිත් යමේ පන්සලේ නායක හාමු පුරුවාත් මේ දැන් කතා කර කර හිටියෙත් ඔන්න ඔය සමාජ අර්බුද ගැන තමයි
ඒක නිසා මරන්න ඕන කුකුල්වූ ගාණක් දැන් මීට කියන්න බෑ... ගියළාසෙ බිපාත පෙරළලා සිද්ධ තුමා ගිය මාසෙ මීට දාපු කුකුල් එස් කි ගාගාමී මේ පාරත් දාන්න.. හරි... නමුත් ඉදිරියෙදි අපි මේ කරන් පථාකක්ද කියළා දැනගෙන කරමු... නේද, මුදළාලි එසේ කියූ විජේසිරි මුදළාලි දුරකථනය විසන්ධි කළේය.
වැලිගම ආර්.පී. ජයවර්ධන
Comments
Post a Comment