gossiplanka image 1
 



රියැදුරන් පුහුණු කිරීමට වුවද හැකියාවක් තිබෙන ඔහු පළපුරුදු දක්ෂ රියැදුරෙකි. අලූතෙන් එන කාර්වලට ඇකැමැති ඔහු කුලී ගමන් යාමට යොදාගෙන තිබුණේ පරණ මෝටර් රථයකි.


ඉඳහිට යම්කිසි දෝෂයක් එහි ඇතිවූ විට එය ඉවෙන් මෙන් හඳුනා ගැනීමේ දක්ෂතාවය ද ඔහුට තිබුණි. විහිළු කතන්දර රස කර කියන්නට ද ඔහුට තිබුණේ අපූරු හැකියාවකි. මේ නිසා ගමනක් යන විට කාන්සියක් පාළුවක් කාටවත් දැනෙන්නේ ද නැත.


මැදිවිය ද ඉක්මවා වැඩිහිටි වියේ පසුවන ඔහු ඉතාමත් ප‍්‍රසන්න අයෙකි. සිතින් ද ගතින් ද ඔහු තරුණය. නගරයේ කඩමණ්ඩිය කෙළෙවරේ  ප්‍රධාන මාර්ගයට මුහුණලා දිනපතාම මෝටර් රථය පාර අයිනේ නවතා තබන්නේ කුලී ගමන් යාමට සූදානම් බව හඟවමිනි. දිනෙක දුර බැහැර ප්‍රදේශයකට කුලී ගමනක් යාමට බිංගිරිය  ප්‍රදේශයේ අයෙකුට අවශ්‍ය විය.


කලින් දිනයේ කතා කර ගත් පරිදි ඔහු සමග මෝටර් රථයෙන් ගමන යාමට පැමිණි එම තැනැත්තා සමග ගමන පිටත් විය. හලාවත  ප්‍රදේශය පසු කළ මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇදුනි. මෝටර් රථයේ වේග මීටරය කලක සිට අක්‍රිය​ව තිබුණි. මේ නිසා වේගය බලා ගැනීමට අපහසු විය. මෝටර් රථයේ රියැදුරු මහතා වේගය බැලීමට අලූත් අදහසක් ඉදිරිපත් කළේය.