තමා සේවය කරන වෙළෙඳ ආයතනයේ විකිණීමට ඇති බඩු මුට්ටු කෙරකම් කරන සේවකයකු සිටීනම් එම සේවකයා කවුදැයි නිවැරැදිව හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එසේ නිශ්චිතවම එම තැනත්තා හඳුනා ගැනීමෙන් පසුව ඔහු ගැන නීති මගින් හෝ නීත්‍යානුකූල නොවන මාර්ගයකින් කටයුතු කිරීම දෙවනුව කළ හකිය. ඒ අනුව නගරයයේ ප්‍රධාන හාඩ්වෙයාර් වෙළෙඳ සළක් පවත්වා ගෙන යන විජේසිරි මුදළාලි තම වෙළෙඳ ආයතනයේ හිතවත්ම සේවකයකු වන සෝම මේ සිටගෙන සිටින්නේ අඳුනක් බලා සාස්තර කියනා ස්ථානයකය.
එම සාස්තරයෙන් විජේසිරි මුදළාලි දැන ගැනීමට අදහස් කරන්නේ බුඩවක් ළද සැනින් තම ආයතනයේ ටයිල් පෙටිට්, පිත්තළ බඩු පමණක් නොව කම්බි කුරු පවා සොරකම් කරන මිටි සරත් සැබවින්ම එය සොරකම් වලට සම්බන්ධ දැයි කියාය. බුලත් අත් බාගය මත රුපියල් තුන්සියයක පඬුරු තැබූ විජේසිරි මුදළාලි අත දෙස තවත් මොහොතක් බලා සිටින්නේ එය ගුරුන්නාන්සේ වෙත ඉදිරිපත් කළ යුත්තේ බුලත් කොළයේ නැට්ට පැත්ත ඉදිරියට සිටින ළෙසද එසේත් නොමැති නම් අගිස්ස පැත්ත පෙරට සිටින සේද යන්න එකවර හිතා ගන්නට අසමත් නිසාය.
පිට පිටම සොරකම් සිදුවන තම ආයතනයේ සැබෑ සොරුන් ලෙස කටයුතු කරන්නේ ආයතනයේම සේවකයන් නම් එබඳු පාලකයකු ලෙස කටයුතු කරන්නට සිදුවීම් ආයතන පාලකයකු හට සිදුවන බරපතළ කනගාටු දායක තත්ත්වයක් නොවේ එම හාම්පුතා විජේසිරි මුදළාලි වැනි හෘදය සාක්‍ෂියට නැඹුරු වූ අයෙකු නම් තත්ත්වය තවත් බරපතළ නොවේද?
"මම් නම් මීට කළිනුත් දවසක ආවා... හැබැයි එදා නම් ගුරුන්නාන්සෙට අඳුන හරියට වැඩ කළේ නෑ..
විජේසිරි මුදළාලිට ඉදිරියෙන් සාස්තර පෝළිමේ සිටින තරුණ පෙනුමැති කෙසඟ තැනැත්තා පවසන්නේ ඔහු මෙතැනට පුරුදුකාරයකු බව හඟවමිනි.
..සමහර දවසට එහෙම තමයි කොහේද අපේ සමහර බලවත් උදාවිය තමන්ගෙ වැඩේ ගැන විතරක් හිතලා කඩාගෙන එනවානේ අපිරිසිදු දවස බලන්නෙන් නැතුව මේ වගේ තැන් වලට... එහෙම ඇවිත් කුණුකිළි අහු උනාම තමයි ගුරුන්නාන්සෙටත් හරීයට සාස්තරේ වැඩ කරන් නැත්තේ..."
විජේසිරි මුදළාලි වික්ෂිප්ත දැසින් අමුත්තා දෙස බලා සිටිනවා ට කතාවට නොගියේ ඒ කියනා සාස්තර කළාව ගැන මෙලෝ හසරක් ඔහු නොදන්නා නිසාය.
"මහත්තයගේ මොකද්ද කේස් එක ෂුවර් එකටම ඉඩම් අවුළක් වෙන්න ඇති...." එවර අමුත්තා විමසන පැනය විජේසිරී මුදලාලිට ඇල්ලුවේ නැත. ඊට හේතුව ගුප්ත ශාස්ත්‍රයක් මගින් අඳුනක් බැළීමට පැමිණ සිටියදී එම ගුරුන්නාන්සේට පෙර තමා මෙන්ම සාස්තර පෝළිමේ සිටින අයෙකුට ප්‍රථමයෙන්ම පැමිණි කාරණය කියන්නට විජේසිරි මුදළාලි කොහෙත්ම අකමැතිය.
මම අද නම් ආවේ අපේ වයිෆ්ගෙ නංගිගේ කෙස් එකකට... එයැයිගේ මහත්තය රට... ඒ අතරේ මහත්තයගේ ඉඩ කඩම් ටික විකුණන්නයි ගැනිගේ කල්පනාව..."
අමුත්තා විජේසිරි මුදළාලිට පවසන්නේ සඟවා ගත් කෝපයකින් සේය. විජේසිරි මුදළාලි නම් අකත්මීය දෙසට හුරුණේය. තමාද එබඳු අසරණයන්ගේ ගොඩටම වැටී තිබෙන්නේ කෙතරම් කනගාටු දායක ලෙසද එවර ඔහු හිස කරකවා විමසන්නේ තමා මෙම ස්ථානයට රැගෙන ආ තම ආයතනයේ ගෝලයකු වන සෝමවිර අසළක වත් ඇත්දැයි කියාය.
සාස්තර පෝළිම දෙසට අඩි කීපයක් ඇත. සිය ස්වාමියා දෙස විමසුම් බැල්ම යොමා සිටි සෝමීවිර එසැනින් ඔහු අසළට ළංවිය. ....ඔය ඉස්සරග ඉන්න පොර ඇණයක්... මුදළාලි කතාවට යන්න එපා...
විජේසිරි මුදළාලි හොරැහින් සෝමවීර දෙසත් එම තරුණයා දෙසත් බැලූවේය. එසැනින් ඔහු ගේ ජංගම දුරකථනය නද දුන්නේය.
'...මොකද මුදළාලි කරගත්තේ.... පොලිසියෙන් දැන් මොකද කියන්නේ.."
ඒ ඇමතුම ලැබෙන්නේ ඔහුගේ අතිජාත මිත්‍රයකුගෙන්ය. මේ වන විට විජේසිරි මුදළාලි ඔහුගේ මිතුරන් හැට හුට හමාරකට නම් ආයතනයේ සොරකම් ප්‍රශ්නය දැනුම් දී ඇතත් ඒ සියලු දෙනා අලුත්ම තත්ත්වය විමසනවා හැරුණු කොට කිසිවෙකුත් ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුමකට මග හසරක් කියා දෙන්නේ හෝ එවැනි පිටිසුළකට යොමු වන්නේ වත් නැත. "...පොඩි මීටින් එකකයි ඉන්නේ... පස්සෙ ගන්නම්..."
විජේසිරී මුදළාලි ඇමතුම විසන්ධි කළේ සාස්තර පෝළිම දෙසද හොරැහින් බලමිනි. විජේසිරී මුදලාලි ගේ කතාව ඇසුණු සාස්තර පෝලිමේ සිටිනා වියපත් තරුණියක් ඔහු දෙස හොරැහින් හිනාවක් පා බිම බලා ගත්තාය. සාස්තර ගුරුන්නාන්සේ සිය කුටියේ සිට මොනවාදෝ මුමුණන හඬ දැන් දැන් පැහැදිලිවට ශ්‍රවණය වන්නාසේය. විජේසිරි මුදළාලි පඬුරු සහිත බුළත් අතක්ද සහිතව සාස්තර පෝළිමේ සිට වටපිට බැලූවේය.
...මට නම් අර අලුත වැඩට ආපු මිටි මහත මල්ලිත් ෆුල්ම සැකයි මුදළාලි...
සෝමවිර විසින් මුදළාලිගේ සිතේ ඇති වූ සැකයේ ගිණිපුපුර අඛණ්ඩව දැවී ගියේය.
"ඔය මෑන් හාඩ්වෙයාර් අයිටම් කඩ වලට බඩු දාන රෙප්යලාත් එක්ක මාර කනෙක්ෂන් මුදළාලි ඒ විතරක් නෙමෙයි නුවර පාරේ පරණ යකඩ ගෙනියන බවටා කාරයෝ දෙතුන් දෙනෙක්වත් දවසකට ඔය මල්ලි එක්ක අනිවාර්යයෙන්ම කතා කරළයි යන්නේ. ඒ වගේම මතකද මුදළාලි දවසක් කීවේ අර වතුර මෝටර් කාමරේ ස්ළැබි එක දාන්න ගෙනාපු යකඩ කම්බි වලිනුත් හත අටක්ම ආගිය අතක් නෑ කියලා...
විජේසිරි මුදළාලි සෝමීවිර දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය.
"...ඉතින් මොකද්ද සෝමේ අපි මේකට කරන්නේ..."
"....කරන්න තියෙන්නේ හොඳ තැනකින් සාස්තරයක් අහන එකයි මුදළාලි..."
"...සාස්තරයක්...?"
විජේසිරි මුදළාලි පොඩි එකෙකුමෙන් හිස කැසුවේය.
මේ කිට්ටුවම තියෙනවා සර් සුපිරිම තැනක්... අපි එහෙටට යමු...
විජේසිරි මුදළාලිත් ඔහුගේ සේවක සෝමී වීරන් මෙම ගමන පැමිණියේ එම තීරණය මතය. "...ඔය ඊළඟ මහත්තයා එන්න...
ඒ හඬ නික්මෙන්නේ අදුන බලා සාස්තර කියනා ගුරුන්නාන්සේගේ කුටිය තුළිනි. විජේසිරි මුදළාලි දේව රූප සහිත එම කුටියට පිටිසුණේය.
හාත්පස දැල්වී තිබෙනා රතු පැහැති ටිදුළි බුබුළු අතරින් පෙනෙන්නේ දැල්වී සුවඳ විහිදුවන හඳුන් කූරු බඳුනකි.
ගුරුන්නාන්සේ අසුන්ගෙන සිටිනා කුඩා මිටි මේසය ඉදිරියේ තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ දේව ප්‍රතිමාවක් සහිත වීදුරු කුටියකි.
විජේසිරි මුදළාලි ගුරුන්නාන්සේ අනුකරණය කරමින් නමස්කාර කරනා ඉරියව්වෙන් දෑත් එක්කර ගත්තේය.
ආපු කාරණේ හොඳින් සිහිපත් කර ගන්න..
'' ගුරුන්නාන්සේගේ හඬ සන්සුන්ය.
ඔහු මොනවාදෝ ස්තෝත්‍ර වගයක් තොල් මතුරමින් ගායනා කරන්නට පටන් ගත්තේය.
විජේසිරි මුදලාලිගේ දුරකථනය සුපුරුදු පරිදි ක්‍රීස් ක්‍රීස් ගැවේය.
'..පස්සෙ ගන්නම් තියන්න...."
ඔහු එහි තිරය නොවිමසාම දුරකථනය මුවට ළංකර කීවේය...
කොහේද අනේ ඔයා.... දේවාළෙකද "
විජේසිරි මුදළාලි සිය බිරියගේ කටහඬ ඇසී තැති ගත්තේය.
තම බිරිඳ එක තත්පරයකින් තමා සිටිනා තැන අනුමාන කර ගෙන ඇත්තේ කෙතරම් තීක්ෂණ ලෙසද, ...ඇත්ත කියන්න...කොහේද ඔයා."
'..තියන්න.. කිව්වම.. තියන්න...“
සාස්තර ගුරුන්නාන්සේගේ ස්තෝත්‍ර හඬත් සිය බිරියගේ දුරකථන කට හඬත් අතර අතරමං වූ විජේසිරි මුදළාලි දුරකථනය නිවා දමන්නට එහි විසන්ධි බොත්තම සෙව්වේය.
Comments
Post a Comment