ඔහු වයස 58 පමණ තිදරු පියෙකි. දෙවැනි බිරිඳ ද අතහැර දමා ගොස් ඇති මොහු ළඟ සිය දියණියන් දෙදෙනක් පමණක් සිටිති. වැඩි මහල් දියණියද පළමු බිරිඳගේ ඥාතිවරියක ළඟ කුඩා කල සිට ජීවත් වෙයි. මෙම පුද්ගලයා කාන්තාවන්ට මහත් රුචියක් දක්වන නිතර බීමතින් සිටින දරුවන්ට පවා හරි හැටි නොසලකන අයෙකි. ගමේ හන්දියේ කඩ මණ්ඩියට නිතර යන මොහු සමාජවාදි කියා ගන්නා දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකි. නිතර දේශපාලනය ගැන කතා කරන මොහු ප්‍රධාන විවේචනය කිරීමට සමතෙකි. තරමක් උගත් නමුදු දේශපාලනය හැර වෙනත් කිසිවක් නොකරයි. දේශපාලනය ගැනම කතා කරමින් අන්‍යයන් සමග නිතර පැටලිලි හදා ගනියි.
හන්දියේ කඩ මණ්ඩියේ එක් කඩයක තනිකඩ කාන්තාවක් සිල්ලර කඩයක් පවත්වාගෙන යන නමුදු ඔහුද එහි ගැනුම් කරුවකු නිසා සියලුම පාරිභෝගිකයන්ට එකසේ සළකන මේ කාන්තාව සමගද දේශපාලනය ගැන කතා කරන්නේ ඇයද එම පක්ෂයට ලැදියාවක් දක්වන හෙයිනි. මොහු සමගද සුහද ලෙස කතා කරන මෙම කාන්තාව ගැන වැරදියට තේරුම් ගත් මොහු මැතිවරණ සමයකදී එක් රාත්‍රියක මෙම කාන්තාවගේ ගෙදර වහලයට නැග ඇත්තේ හොඳටම බිමතිනි.
රාත්‍රී 8.45ට පමණ වහලෙන් ශබ්දයක් ඇසුණු නිසා මෙම කාන්තාව නිවසින් පිටතට ගොස් විදුලි පන්දම වහලයට අල්ලා බැලුවේ හොරෙක්වත් ඇවිත්ද යන සැකයෙනි. වහලය උඩින් ඇස් දෙකක් දිලිසී ඇති නිසා ඇය අල්ලපු ගෙදර සිටි සහෝදරයාට යටිගිරියෙන් කෑ ගැසුවේ මල්ලියේ හොරෙක් හොරෙක් කියමිනි.
"නංගියේ මං, යනුවෙන් කෙදිරියක් නගා කලබල වූ මෙම පුද්ගලයා වහලෙන් මිදුලට පැන්නේ වෙරිද සිඳී යමිනි. එතනට පැමිණි සියල්ලෝම මොහුට බැන වැදි එලවා දැමුවේ මොහු සමාව ඉල්ලමින් කවුද පසුපස එළවූ නිසා වහලයට නැගුන බව පැවසු නිසාය. පසු දින වැඩේ එළිවේ යැයි බිය වු මොහු කඩේ කාන්තාව තමන්ට රාත්‍රි නිවසට එන්න කී බව ගමේ අයට පැවසුවේ වැරද්දෙන් බේරීමටය. මෙය දැනගත් කඩේ කාන්තාව කෙන්නියෙන් '' මං එන්න කිව්වනං වහලෙ දිගේ ආවේ මොකට ද මම දොර අරිනවනෙ. කියමින් බැන වැදී තමන්ට අපහාස කළ නිසා පොලිසියට පැමිණිලි කළාය. පැමිණිල්ල විභාග කළ පොලිසිය ඔහුට ඇගේ කැඩේට් නොයන ලෙසත් නැවත මෙවැනි වැරදි සිදු කළ හොත් නීතිමය දැඩි පියවර ගන්නවා යනුවෙන් අවවාද කරමින් ප්‍රශ්නය සමතයකට පත් කළේය.
Comments
Post a Comment