gossiplanka image 1
 


කොළඹ කුරුණෑගල අංක 5 මාර්ගයේ ගමන් ගන්නා දිවුලපිටිය ශ්‍රී ලංගම ඩිපෝවේ බස් රථයක අමතකට තිබූ ජංගම දුරකතනයක් එහි අයිතිකරු සොයා බාර දීමට කාරුණික වූ ලංගම රියැදුරකු දිවුලපිටියේදී  හමුවිය. ඔහු දිවුලපිටිය ඩිපෝෙව් ලංගම රියැදුරු නිමල් ජයසිරි මහතාය. පසුගිය දිනෙක ඔහු බස් රථය ලංගම ඩිපෝවේ  නවතා ආපසු යාමට සැරසෙද්දී ලිපි කවරයක් සහ ජංගම දුරකතනයක් ඔහුට හමු වී ඇත.


ඔහු එය පිරික්සා බලා ඩිපෝ කළමනාකරු හමුවීමට ගිය ද ඔහු රාජකාරි ගමනක ගොස් සිටි නිසා එම ලිපි කවරය සහ ජංගම දුරකතනය නිවෙසට ගෙන ගොස් එහි අංකයට ඇමතුමක් ගත්තේය. පන්නල හිරු වල පාරේ පදිංචි කේ.ඩී. අජිත් කරුණාතිලක නමැත්තා දුරකතනයේ හිමිකරු විය.

ඔහුට නිවෙසට කැඳවා ජංගම දුරකතනය ආපසු ලබා දීමට නිමල් ජයසිරි රියැදුරා කාරුණික විය.