තරුණ ගැහැණු ළමයකුට විහිළු කර පොලිසියට කැඳවීමෙන් පසු සීයා දුන් උත්තර වලට පැමිණ සිටි පිරිස සිඟා ගැන්වූ අපූරු පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු ගම්බද පළාතක වයසක නුගත් පුද්ගලයෙකි. වයස වැඩි වුවත් ඔහු දහ අටේ විස්සේ තරුණියන්ට විහිළු කරයි. දිනක් අල්ලපු ගෙදර දහ අටේ තරුණයට ද විහිළු කර ඇති අතර, කීප දිනක් ඉවසා තරුණිය ඇගේ මවුපියන් සමග ගොස් සීයා පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. පසුව සීයා පවසා ඇත්තේ, තමාට මුහුණු පොතේ ගිණුමක් සාදා දුන්නේ එම තරුණියගේ සොහොයුරා බවය.
තම නංගී රැවටීම පිළිබඳව උරණ වූ ඔහු මුහුණු පොතේ ලාබාල නග්න තරුණියකගේ ඡායාරූපයක් දමා සීයාට මැසේජ් කර ඇත. " මම ඔයාට ආදරෙයි'' යයි පැවසූ ඔහු ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන අනේ අයියේ මගේ ෆෝන් එකේ සල්ලි ඉවරයි. රුපියල් පන්සීයක කාඩ් එකක් හුරලා අංක ටික මැසේජ් කරන්න " යැයි කෙටි පණිවුඩයෙන් දන්වා ඇත. සීයා වහා කාඩ්පතක් සුරා අංක මැසේජ් කර ඇත. පසුව සීයාට මැසේජ් එකක් යැවූ ඔහු, මම අල්ලපු ගෙදර පුතා, සීයා මගේ නංගිටත් මැසේජ් කරලානේ යැයි මැසේජ් කර ඇත. දෙවියන් සිහි වූ සියා පසුව පැමිණ තරුණයාගෙන් හා තරුණියන්ගෙන් සමාව ගෙන තිබේ.
Comments
Post a Comment