සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයකු මිටර් හතරක් දිවීමේ තරගයකින් ප්රථම ස්ථානය දිනා වාර්තාවක් තැබූ බවට වූ සහතිකයක් නිසා පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයා අන්දමන්ද වූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අගනුවර ප්රදේශයෙනි. ආධුනික ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවති මෙම සම්මුඛ පරික්ෂණයට ක්රීඩා සහතික ඉදිරිපත් කිරීමේදී එක් අපේක්ෂකයකු මීටර් හතරේ ධාවන තරගයකින් ජය ලැබූ බවට සහතිකයක් ඉදිරිපත් කොට තිබිණි. පත්වීමට අදාළ සුදුසුකම් සියල්ල සපුරා ඇති ඔහු මෙම ක්රීඩා සහතිකය ඉදිරිපත් කර තිබුණේ අමතර සුදුසු කමක් ලෙසටය.
මීටර් හතරක ධාවන තරගයෙන් දිනුවා නම් ඒක වාර්තාවක්ම තමයි ' සහතික පත්රය පරික්ෂා කළ අයකු කීවිට අපේක්ෂකයාට තරුපෙනිණ. යළි සහතික පත්රය රැගෙන පරික්ෂා කිරීමේදී පෙනී ගොස් තිබුණේ එය මුද්රණයේදී කිලෝමීටර් හතර යන්න වෙනුවට මීටර් හතර ලෙස වැරදි සටහන් වූ බවකි. අවුරුදු පහකට පෙර ලැබි තිබූ මෙම සහතිකය මේ වනතුරු නිසි පරික්ෂාවට ලක්වී නොතිබීම ගැන කවුරුත් මවිතයට පත්වුනාලු.
Comments
Post a Comment