gossiplanka image 1
 



බස්නාහිර පළාතේ ගමකි. අවුරුදු උත්සවයකි. එහි තරගවලට සහභාගි වූයේ ගමේ කොලු ගැටයන් පිරිසකි. මොවුන්ට අමතරව ගමේ සාමාන්‍ය ගැමියෙක්ද මැරතන් දිවීමට ඉදිරිපත් විය. මෙම පුද්ගලයා හොඳ ධාවකයෙක් වූ අතර වෙනත් ප්‍රදේශවල පැවැති ගම් හරහා දිවීමේ තරගවලින් ජයග්‍රහණය කර තිබුණි. තරග කරන අනෙක් පිරිස ගමේ කොලු ගැටවුන් සමග තරග කිරීමට සමත් අය නොවුහ. එම නිසා මෙම කොලු රංචුවේ ඉලක්කය වුයේ පෙර සඳහන් කළ ගැමියාය. මොහු පැරදවීමට උපායක් කල්පනා කළ තරුණයෝ තැඹිලි වතුරට ජාංජාල දමා එම පුද්ගලයාට බීමට දීමට කුමන්ත්‍රණය කළහ.


ජාංජාල  තැඹිලි වීදුරුවකට දමා මැදිවියේ පුද්ගලයා සොයා ගිය අතර තරඟයට  ඉදිරිපත්වු එම තරුණයාගේම යහළුවෙක් එම ස්ථානයේ තිබු ජාංජාල දැමු තවත් තැඹිලි වීදුරු භාගයක් බී ඉතිරි භාගය තම මිතුරන් වෙනුවෙන් තබා තරගයට ගොස් ඇත. මැදිවියේ පුද්ගලයා තරුණයන් විසින් තැඹිලි බිමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් ධාවනය අවසන් කරන තුරු පුරුද්දක් වශයෙන් කිසිවක් පානය නොකරන බව කියමිනි. මැරතන් තරගය ආරම්භ වු අතර සුපුරුදු පරිදිම මැදිවියේ පුද්ගලයා තරුණයන්ට ඉදිරියේ තරගයේ යෙදුණි.


මොවුහු සිතා සිටියේ මැදිවියේ පුද්ගලයා කෙසේ හෝ පරාජය කිරීමට වුවත් එය නොහැකි විය. ටික දුරක් යාමේදී නගරය කිට්ටුවීමත් සමග තැඹිලි පානය කළ තරුණයා ඇසිමට පටන් ගෙන ඇත. පසුව වේගය වැඩි කළ ඔහු දැක තරුණයන් ඔල්වරසම් දුන් මොහුට හනුමාගේ වරම් ලැබුණේ දැයි සිතාය. කෙසේ වෙතත් වේගය වැඩි කළ තරුණයා මැදිවියේ පුද්ගලයාත් පසුකර නගරයේ පොදු වැසිකිළිය වෙත දුවන අයුරු දුටු තරුණයන්ට තැඹිලි වීදුරු භාගය මතක් වී දෙවියන් සිහිවුනාලූ.