තම නැගණිය හේතුවෙන් තම පෙම්වතා අහිමිව ගිය තරුණීයක පිළිබඳව වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පොතෙන්. ඔහු දුර පළාතක පුද්ගයෙකි. ඇගේ මුහුණු පොතේ දමා තිබු පින්තූරය නිසා ඔහු විසින් ඇයට මැසේජ් කර ප්‍රේම සම්බන්ධය ගොඩනගාගෙන ඇත. එනමුත් ඇය මුහුණු පොතට දමා ඇති පින්තූරය ඇයගේ නොවන අතර එය ඇයගේ නංගිගේ පින්තූරයකි. ඇයට වඩා ඇයගේ නංගී රූමත්ය. දීර්ඝ කාලයක් මුහුණු පොත හරහා එස්.එම්.එස්. කර ප්‍රේම සම්බන්ධය දුරදිග ගිය නිසා ඇයගේ දුරකතන අංකය ද ලබාගෙන ඇය හමුවීමට දිනයක් වෙන්කරගෙන තිබේ.
ඇය පවසා ඇත්තේ සිහු ගැන නම් නිවසට කියා ඇති බැවින් නිවසට පැමිණ තම මවුපියන් හමුවන ලෙසය. ඔහු පැමිණෙන දිනය අමතක වීම නිසා දින තම මවුපියන් නිවසේ නොසිටි අතර ඇය ද යකෙළියකගේ ගෙදර ගොස් සිට ඇත. නිවසේ සිට ඇත්තේ ඇගේ නැගණිය පමණි. නිවස සොයා පැමිණි තරණයා නංගි මුණගැසී තොරතුරු විමසද්දී මුනුණු පොතේ පින්තූරය ඇසගේ බවත් ඔහු සමඟ එස්.එම්.එස්. කර ඇත්තේ තම අක්කා බවත් පවසා ඇත.
එවිට තරුණයා ගෙනා යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීමට නංගීට නොනකිවුයේ ඔහුගේ කඩවසම් බව කා ඔහු පැමිණි කාරයේ වටිනාකම නිසාය. කෙසේවතත් නංගිගේ කැමැත්ත ගත් තරුණයා ඇත් දුරකථන අංකය ද ගෙන අක්කාට කෝල්කර මම ගෙදර ඇවිත් ගියා යැයි පවසා ඇත. එවිට ඇය මොකෝ උනේ අම්මල කැමති වුද, යැයි ඇසුවිට නෑ ඔයාගේ නංගි මට කැමති වුණා යැයි පවසා ඇත.
Comments
Post a Comment