තන්තිරිමලේ සිටින මැණියන් බැලීමට දූනගහ සිටින දියණිය නෑ පිරිසකුත් සමඟ වෑන් රථයකින් යමින් සිටියාය. ඇය පිරිසක් සමඟ පළමුව අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහසෑය වන්දනා කොට තන්තිරිමලේ ගමනට පිටත් වුවාය. ඒ යන අතරතුර දී මවට තෑගි බෝග මිල දී ගන්නට ඇලයාපත්තුවේ කඩමණ්ඩියේ නැවතී අවශ්‍ය බොහෝ දේ ඔවුහු මිලයට ගත්හ.
දියණිය සිය මවට කිරිපිටි, රසකැවිලි, පළතුරු ආදිය ද වෙනම මිලයට ගත් අතර පිරිස එතැනින් නතර වූයේ තන්තිරිමලේ මවගේ නිවෙස ඉදිරිපිටය. මවට ආදරයෙන් සැලකූ දියණිය ඇතුළු පිරිස ඇයට තෑගි බෝග දීමට මුදල් බෑගය සෙව්වේ මුදල් ද මට අත තැබීමටය. පුදුමයකි. මුදල් බෑගය නැත. එහි රුපියල් පනස් දහසක් පමණ තිබිණැයි ඇය කීවාය.
මුදල් බෑගයට කුමක් වී දැයි කිසිවකු නොදනී. "ඇලයාපත්තුව කඩේ බැරි වුණාද?" "නැහැ" දියණිය කියයි.
"කෝකටත් ගිහින් බලමු ” එම ගමනට දූනගහ දියණියගේ සොයුරා ද එක්විය.
ඇලයාපත්තුව කඩ මණ්ඩියට තන්කිරිමලේ සිට සැතපුම් විසි පහකටත් වඩා දුරය. වෑන් රථය අතරමග දී කාර්මික දෝෂයකට ලක්විය. එය සකසා ගන්නට පැයකට අධික කාලයක් ගනවිය. යළි වෑන් රථය පණ ගන්වාගෙන ඇලයාපත්තුව කඩමණ්ඩියට එද්දි බඩු මිලයට ගත් වෙළෙඳසලේ සිටියේ උදේ සිටි තරුණිය නොවේ. එහෙත් එම තරුණියගෙන් මේ ගැන විමසද්දීම උදේ එහි සිටි තරුණීය ද එතැනට ආවාය.
" ඔය ගොල්ල බෑග් එක බැරිවෙලා යද්දී මම පාරට බැහැල බැලුවා. මට හිතුණා මෝටබයික් එකේ පස්සෙන් ඇවිල්ල දෙන්නන්. ඒත් අල්ල ගන්න බැරිවෙයි කියල ආවේ නෑ. මෙන්න පර්ස් එක. තිබුණ සල්ලි තියෙනවද බලන්න" ඇය කීවාය.
මේ මුදල් බෑගයේ මුදල් කිසිවක් අඩු නැතිව බාර දුන්නේ ඇලයාපත්තුව වෙළෙඳසලක තරුෂි නැමැති මෙනෙවි යයි. මුදල් බෑගයේ හිමිකාරිය, දුනගහ සතුටු මාවතේ සෝමා රණසිංහය.
Comments
Post a Comment